slc
logo
Home   |    News
මාර්තු 11, 2026
ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගාවලිය කල් යයි

sinhala editor

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇෆ්ගනිස්තානු ද්වී පාර්ශ්වික තරග සංචාරය 2026 වසර අවසාන කාල සීමාව දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. වත්මන් කලාපීය තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගුවන් ගමන් සීමා ඇතුළු කටයුතු සම්පාදනය කිරීමේදී අභියෝගතා පැන නැගීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට ශ්‍රී ලංකාවට ආරාධනා කිරීමෙන් පවත්වනු ලබන පළමු තරගාවලිය බවට පත් වුණු මෙම තරග සංචාරය යටතේ එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්සයි-20 තරග 3 ක් වශයෙන් සමස්ථ තරග 6 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

මෙහි පළමු තරගය මාර්තු මස 13 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබුණු අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් 15 සහ 17 යන දෙදින එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමටට නියමිතව තිබුණි.

එහෙත් මැද පෙරදිග ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධව විසඳුම් සෙවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය, විසින් එමිරේ්ට්ස් ක්‍රිකට් ආයතනය, සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිිකට් ක්‍රීඩාංගණය පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මෙහිදී මාර්තු 04 දින පැවැති සාකච්ඡාවකදී කළාපීය තත්ත්වය නිරීක්ෂණ කොට මාර්තු 06 වැනි දින නැවත සලකා බැලීමට තීරණය කළ අතර යළිත් මාර්තු 07 වැනි දින පැවැති තවත් සාකච්ඡාවකදී අවසන් තීරණය ගැනීම සදහා මාර්තු 09 වැනිදා දක්වා නිර්දේශ කෙරිණ. කෙසේ වෙතත් උක්ත ගැටලු හේතුවෙන් තරගාවලිය කල් දැමීමට පියවර ගනු ලැබූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

එමෙන්ම, හැකි ඉක්මනින් සුදුසු අවස්ථාවක මෙම තරඟ මාලාව පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව සමඟ පවත්නා ක්‍රිකට් සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරගෙන යාමටත් ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය  කැපවී සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee