slc
logo
Home   |    News
මාර්තු 9, 2026
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුර ගැරී කර්ස්ටන් ට

sinhala editor


දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ගැරි කර්ස්ටන් මහතා ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම පත්වීම 2026 අප්‍රේල් 15 දින සිට බලපැවැත්වෙන අතර, ඔහුගේ සේවා කාලය 2028 අප්‍රේල් 14 දිනෙන් අවසන් වන දෙවසරක කාලයක් සඳහා වනු ඇත.


දකුණු අප්‍රිකාව නියෝජනය කළ කර්ස්ටන් මහතා, 2008 සිට 2011 දක්වා ඉන්දීය පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, 2011 සිට 2013 දක්වා දකුණු අප්‍රිකා පිරිමි ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කළේය.


ඔහුගේ එම පුහුණුකරු ධුර කාලය තුළ, ඉන්දීය කණ්ඩායම 2011 වසරේ පැවැති ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරා යෑමට ඔහු මඟ පෙන්වීය. තවද, 2013 වසර වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 ආකාර තුනේම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට දක්වා රැගෙන ඒමට ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ හැකි විය.


ඔහුගේ ආසන්නතම ජාත්‍යන්තර තරගාවලියබවට පත්වූයේ, ඊයේ නිමාවට පත්වූ 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේදී නැමීබියා ක්‍රිකට් කණ්ඩායමට උපදේශකයෙකු ලෙස සේවය කිරීමයි.


1993 සිට 2004 දක්වා දිගු වූ ඔහුගේ ක්‍රීඩා ජීවිතය තුළ, ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ එකතුවෙන් ලකුණු 14,087ක් රැස් කර ඇති අතර, එයට ටෙස්ට් ශතක 21ක් සහ එක්දින ශතක 13ක්ද ඇතුළත් වේ.


කර්ස්ටන් මහතාගේ ප්‍රධාන වගකීම් අතරින් වැදගත් එකක් වන්නේ 2027 දී දකුණු අප්‍රිකාව, නැමීබියාව සහ සිම්බාබ්වේ යන රටවල සත්කාරකත්වය ඇතිව පැවැත්වීමට නියමිත ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සූදානම් කිරීම වේ.


මෙම නව ප්‍රධාන පුහුණුකරු පත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික උසස් කාර්ය සාධන මධ්‍යස්ථානයේ (National High Performance Center) ව්‍යුහය නැවත සකස් කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස සිදු කර ඇත.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

USD United States (US) dollar