slc
logo
Home   |    News
මාර්තු 14, 2026
සුපිරි 8 වටයේ පළමු දිනයේම ශතක 3ක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති සුපිරි 8 වටයේ තරගවල පළමු දිනයේදී ළහිරු උදාර, කමිල් මිෂාර හා ධනංජය ද සිල්වා‍ නොදැවී ශතක වාර්තා කිරීමට සමත් වූහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එන්සීසී පිලේ ළහිරු උදාර පොලිස් පිලට එරෙහිව පන්දු 246කදී හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 159ක් හා කමිල් මිෂාර පන්දු 169කදී හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 109ක් වාර්තා කළ අතර, ළහිරු උදාර හා කමිල් මිෂාර තෙවැනි කඩුල්ලට පන්දු 311කදී නොබිඳුනු ලකුණු 192ක සබඳතාවක් ගොඩනගා තිබීමද විශේෂත්වයකි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී සීසීසී පිලේ ධනංජය ද සිල්වා‍ බීආර්සී පිලට එරෙහිව පන්දු 179කදී හතරේ පහර 16ක් සමඟ නොදැවී ලකුණු 131ක්, ලබාගත් අතර, අන්ජල බණ්ඩාර සමඟ එක්ව හයවැනි කඩුල්ලට පන්දු 187කදී නොබිඳුණු ලකුණු 124ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූවේය.

අද දින අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර, එන්සීසී පිලේ පැතුම් නිශ්ශංක ලකුණු 77ක්, සීසීසී පිලේ දුල්නිත් සිගේරා  ලකුණු 81ක් හා අන්ජල බණ්ඩාර නොදැවී ලකුණු 64ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ ලකුණු 61ක් හා කවිඳු කුලසේකර ලකුණු 61ක්, බ්ලුම්ෆීල්ඩ් පිලේ තරිඳු හර්ෂණ ලකුණු 59ක් හා ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 63ක් එක් කළහ.

ලකුණු සාරාංශය

එන්සීසී හා පොලිස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 90කදී කඩුලු 2ක් දැවී ලකුණු 386

පැතුම් නිශ්ශංක 77, ළහිරු උදාර නොදැවී 159, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර නොදැවී 109 (දිලුම් සුධීර 116/2)

සීසීසී හා බීආර්සී අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී

සීසීසී පළමු ඉනිම ඕවර් 80කදී කඩුලු 5ක් දැවී ලකුණු 360

දුල්නිත් සිගේරා 81, ලසිත් කෘස්පුල්‍ලේ 37, ධනංජය ද සිල්වා‍නොදැවී 131, පවන් රත්නායක 16, අන්ජල බණ්ඩාර නොදැවී 64 (යසිරු රුද්‍රිගූ 57/2, මුවින් අභිනාෂ් 92/3)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා කෝලට්ස් අතර තරගය සීසීසී ක්‍රීඩා පිටියේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 77.3කදී සියලු දෙනා දැවී ලකුණු 290

පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු ආමන්ත 26, කවිඳු කුලසේකර 61, රනේෂ් සිල්වා 42, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21  (උදිත් මධුෂාන් 54/2, දුනිත් වෙල්ලාලගේ 48/2, අකිල ධනංජය 75/2)

කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 4කදී කිසිවෙකු නොදැවී ලකුණු 10

සංගීත් කු‍රේ නොදැවී 6

බ්ලුම්ෆීල්ඩ් හා මුවර්ස් අතර තරගය කොළඹ කෝල්ට් පිටියේදී

බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 72කදී සියලු දෙනා දැවී ලකුණු 229

රොන් චන්ද්‍රගුප්ත 16, අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63 (චානුක දිල්ෂාන් 67/4, ඉම්තියාස් සල්සා 42/2)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 9කදී කඩුලු 2ක් දැවී ලකුණු 36

සොහාන් ද ලිවේරා ‍නොදැවී 22 (ළහිරු මධුසංඛ 11/1, දෙවිඳු තිලකරත්න 1/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee