slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2026
එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තාවන්ට

sinhala editor

හසිනි පෙරේරාගේ ලකුණු 95 ක ඉනිමත් හර්ෂිතා සමරවික්‍රමගේ ලකුණු 344 ත් හේතුවෙන් බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව රජ්ශාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකියාව ලැබිණ, මෙම ජයග්‍රහණයත සමගම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

එපමණක් නොව 2025-2029 අන්තර්ජාතික කාන්තා එක්දින ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම ශූරතාවලිය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහි තරගාවලියද 2-1 ක ලෙස ජය වාර්තා කිරීමටට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

අන්තර්ජාතික කාන්තා එක්දින ශූරතාවලිය සදහා ලෝකට රටවල් 10 ක් තරග වදින අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිම කණ්ඩායම් 7 සත්කාරක කණ්ඩායම සමගින් 2029 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබනු ඇත.

අද තරගයේදීද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අසාර්ථක වුවත්, සෙසු ක්‍රීඩිකාවනගේ දක්ෂතා තරගාවලි ජයග්‍රහණයට ඉවහල් විය. ලකුණු 213 ක ජයග්‍රාහී  ලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් හසිනි පෙරේරා තම මංගල ශතකයට ලකුණු 05 ක් තිිබියදී දැවී ගියාය. එක්දින තරග 66 කට ක්‍රීඩා කර ඇති හසිනිගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් මෙම ඉනිම සනිටුහන් විය.

චමරි අතපත්තු ලකුණු 10 කට දැවී ගිය නමුත් දෙවැනි කඩුල්ලට එක් වුණු ඉමේෂා දුලානි සහ හසිනි පෙරේරා ලකුණු 56 ක් රැස් කළේ පන්දු 79 ක් වැය කරමිනි. පන්දු 131 කින් සමන්විත වුණු හසිනිගේ ඉනිම හතරේ පහර 13 කින් අලංකාර විණ. ඉමේෂා දුලානිද ලකුණු 56 ක් රැස් කරගත්තේ පන්දු 79 ක් පමණක් වැය කරමිනි. ඉන් 7 වතාවක් පන්දුව හතරේ සීමාව වෙත යැවීමට ඇය සමත්වූවාය.

ඉමේෂාගේ දැවී යෑමන් පසු හසිනිට එක් වුණු හර්ෂිතා සමරව්‍රකම තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් රැස් කළහ.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 3 ම ලකුණු 69 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවද ශෝභනා මෝස්තරී සහ නායිකා නිිගාර් සුල්තානා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. පන්දු 80 කින් ලකුණු 74 ක් ලබා ගත් ශෝභනා ඉනිමේ අවසන් පන්දුව දක්වාම පිටියේ රැදී සිටියාය.

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 213 යි

ෆර්ගානා හක් 11, සර්මින් සුල්තානා 7, ශර්මින් අක්ටර් 25, නිගාර් සුල්තානා 40, ශෝභනා මෝස්තරී 74, රිටූ මෝනි 20, නිමේෂ් මීපගේ 40/2, කවීෂා දිල්හාරි 48/3

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 46.3 කදී කඩුලු 3 ට ලකුණු 214 යි

හසිනි පෙරේරා 95, චමරි අතපත්තු 10, ඉමේෂා දුලානි 56, හර්ෂිතා සමරවික්‍රම 44*, මරූෆා් අක්ටර් 49/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee