slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2026
ජාත්‍යන්තර ආකර්ශණයත් සමගින් LPL හය වැන්න ජූලි 10 දා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026 වසරේ ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු මස 05 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙවර තරගාවලියේදීද තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ඇත.

මෙවර තරගාවලිය LPL ඉතිහාසයේ හයවන සංස්කරණය ලෙස ක්‍රියාත්මක වන අතර සියලුම තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා අන්තර්ජාල අයැදුම්පත් 2026 මැයි 04 වැනිදා සිට විවෘත කිරීමට නියමිතය. මෙවර තරගාවලියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.පී.ජී. සමූහය සමග එක්ව සංවිධානය කරනු ලබයි.

2020 වසරේ ආරම්භ වූ LPL තරගාවලිය කෙටි කාලයකින්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ලෙස ස්ථාපිත වී ඇත. එය දේශීය ක්‍රිකට් දක්ෂතා ලෝකයට හඳුන්වා දෙන වේදිකාවක් ලෙස පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය හරහා ගෝලීය ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය දිනා ගැනීමටද සමත්ව ඇති තරගාවලියකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය මෙවරද ක්‍රීඩකයින් අතර ඉහළ තරගකාරීත්වයකින් යුක්තව, රසිකයින්ට උණුසුම්, තරඟකාරී සහ විනෝදාත්මක ක්‍රිකට් අත්දැකීමක් ලබා දෙන ආකාරයෙන් සංවිධානය කෙරේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee