slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2026
ඉනිමක ජයක් ජයක් සමගින් දඹුල්ල කළින්ම අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – ගාල්ල අතර තරගයේදී දඹුල්ල පිල ඉනිමක හා ලකුණු 41ක ජයක් වාර්තා කළේය. අද සිව්වැනි දිනයේ දිවා විවේකයට පෙර ගාල්ල දෙවැනි ඉනිමේ පිතිකරුවන් සියලු දෙනා දවා ගැනීමට දඹුලු පන්දු යවන්නෝ සමත් වූහ. එම ජයග්‍රහණයත් සමග දඹුලු කණ්ඩායම තරගාවලියේ තරග 2 ක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරග වරමදිනා ගැනීමද කැපී පෙනිණ.

ඊයේ තෙවැනි දිනය නිමාවේද්දී ගාල්ල පිල දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දැවී ලකුණු 159ක් ලබාසිටි අතර, අද දිනයේ තවත් පන්දු ඕවර් 12.1කදී අනෙක් කඩුලු 4 දවා ගැනීමට දඹුල්ල පිල සමත් විය. ඒ අනුව දඹුල්ල පිලේ දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 192කට සීමා විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල රැස්කළ ලකුණු 255ට පිළිතුරු ලෙස දඹුල්ල පිල පළමු ඉනිමට ලකුණු 488ක් රැස් කළේය.

ගාල්ල පිලේ අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි සදීර සමරවික්‍රම පළමු ඉනිමේ ලකුණු 113ක් ලැබූ අතර, දෙවැනි ඉනිමේදී ලකුණු 74කට දැවී ගියේය. දෙවැනි ඉනිමේදී පිතිකරුවන් 6ක්ම ලකුණු 10ට අඩුවෙන් දැවී යෑමෙන් ගාල්ලට පීඩනය වැඩි විය. තර්ජනාත්මක ලෙස පන්දු යැවූ අකිල ධනංජය කඩුලු 4ක් බිදහෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු, කවිඳු පතිරත්න හා ශක්ති උදාර කඩුලු 2 බැගින් බිද‍ෙලූහ.

දඹුල්ල පිල වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 173කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 133ක් ලබාගත් අතර, නායක ධනංජය ද සිල්වා, විශාද් රන්දික, අංජල බන්ඩාර හා ළහිරු සමරකෝන් අර්ධ ශතක වාර්තා කළහ.

ගාල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 255 (ඕවර් 71.4)
නිරෝෂන් දික්වැල්ල 28, සදීර සමරවික්‍රම නොදැවී 113, අහන් වික්‍රමසිංහ නොදැවී 70, මුදිත ලක්ෂාන් 20 ( විශ්ව ප්‍රනාන්දු 40/2, කවිඳු පතිරත්න 41/5, ශක්ති උදාර 80/2)

දඹුල්ල පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 488 (ඕවර් 130.4)
ලසිත් කෘෘස්පුල්ලේ 133, කවීන් බණ්ඩාර 44, ධනංජය ද සිල්වා 62, විශාද් රන්දික 55, අංජල බණ්ඩාර 68, කවිඳු පතිරත්න 56, ළහිරු සමරකෝන් 51 (උදිත් මධුෂාන් 82/2, ‍කේසර නුවන්ත 139/4, දුවිඳු තිලකරත්න 87/3)

ගාල්ල පිල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 192 (ඕවර් 58.1)
නිපුන් ධනංජය 21, නිරෝෂන් දික්වැල්ල 34, සදීර සමරවික්‍රම 74, කේසර නුවන්ත 32 (විශ්ව ප්‍රනාන්දු 41/2, අකිල ධනංජය 60/4, ‍කවිඳු පතිරත්න 40/2, ශක්ති උදාර 45/2)

කොළඹ – මහනුවර තරගය ජය පරාජ නෑ

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩංගණයේදී නිමාව දුටු කොළඹ – මහනුවර අතර තරගය අද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූවේය. කොළඹ පිල පළමු ඉනිමේ කඩුලු 9කට ලකුණු 434ක් ලබාගත් අතර මහනුවර පිල අද පළමු ඉනිමට ලකුණු 393ක් වාර්තා කළේය. තරගය නතර කරද්දී කොළඹ පිල ‍දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 76ක් ලබා සිටියේය.

මහනුවර පිල වෙනුවෙන් සොහාන් ඩී ලිවේරා පන්දු 154කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 105ක් රැස්කළ අතර, අශේන් බණ්ඩාර ලකුණු 63කට දැවී ගියේය. අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 70ක් ලබාගත් අතර, යසිරු රුද්‍රිගූ ලකුණු 17ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී කොළඹ පිලේ චමෝද් බැට්ටගේ ලකුණු 43කට කඩුලු 4ක් බිදහෙලීමට සමත් විය.

කොළඹ පිලේ සාරුජාන් සංමුගනාදන් පන්දු 338කදී හතරේ පහර 10ක් හා හයේ පහරක් සමඟ ලකුණු 145ක් ලබාගත් අතර, කොළඹ පිලේ නායක ජනිත් ලියනගේ පන්දු 247කට මුහුණදී හතරේ පහර 13ක් සමඟ ලකුණු 134ක් වාර්තා කිරීමට සමත් විය. කවීජ ගමගේ හා සන්මුගනාදන් එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 244කදී ලකුණු 131ක් එක්කළ අතර, ගම‍ගේ ලකුණු 80ක් ලැබීය.

මහනුවර පිලේ දිනුර කළුපහන තරගය පුරා කඩුලු 6ක් බිදහෙලීමට සමත් විය.

කොළඹ පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 434 (ඕවර් 143.2)
රවිඳු රසාන්ත 14, ජනිත් ලියනගේ 134, සාරුජාන් සංමුගනාදන් 145, කවීජ ගමගේ 80, ප්‍රභාත් ජයසූරිය 25 (දිනුර කළුපහන 58/4, චාමික ගුණසේකර 53/2)

මහනුවර පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 393 (ඕවර් 128.1)
නවෝද් පරණවිතාන 33, පවන්ත වීරසිංහ‍ 33, සොහාන් ඩී ලිවේරා 105, අශේන් බණ්ඩාර 63, රවිඳු ප්‍රනාන්දු 70, යසිරු රුද්‍රිගූ 17 ( චමෝද් බැට්ටගේ 43/4, ප්‍රමෝද් මධුෂාන් 62/2, ජනිත් ලියනගේ 15/2)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 76 (ඕවර් 18 )
ධනංජය ලක්ෂාන් නොදැවී 33, ර‍නේෂ් සිල්වා නොදැවී 20 (දිනුර කළුපහන 26/2 )

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee