slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2026
නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාට පැමිණෙයි

sinhala editor

නවසීලන්ත ‘A’ ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියකට සහභාගී වීම සඳහා අද (අප්‍රේල් 03) අලුයම දිවයිනට පැමිණියේය.

මෙම සංචාරය යටතේ, නවසීලන්ත ‘A’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතය. එක්දින තරග මාලාවේ පළමු තරගය අප්‍රේල් 05 වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිත අතර, දෙවන සහ තුන්වන තරග පිළිවෙළින්අ අප්‍රේල් 08 සහ 11 වන දිනවල හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තවද, සිව්දින තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 16 සිට 19 දක්වා සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දෙවන තරගය අප්‍රේල් 23 සිට 26 දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය දෙරට අතර ක්‍රිකට් සම්බන්ධතා ශක්තිමත් කිරීම සහ නව ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබාදීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee