slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2026
මොණරාගල චමුදිලා පළමු තරගය ජයගනිති

sinhala editor

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අද (07) දින එංගලන්ත බාලිකා කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයෙන් ලකුණු 52ක පහසු ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ පඤ්ඤානන්ද විදුහලේ අධ්‍යාපනය ලබන චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන්නේය. ඒ අනුව පන්දුවාර 42.4කදී සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස් කිරීමට ශ්‍රී ලංකා බාලිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා පිලෙන් කැපී පෙනුණු අංක 4 පිතිකාරිණී ලිමන්සා තිලකරත්න පන්දු 85කට මුහුණ දී හයේ පහර 1ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 51ක් ලබා ගත්තාය. එය ඇයගේ අවුරුදු 19න් පහළ ක්‍රිකට් දිවියේ වසර තුනකට ආසන්න කාලයකින් ලැබූ පළමු අර්ධ ශතකය වේ.

ඇයට අමතරව මැදපෙළ පිතිකාරිණී හෂිනි ගිම්හානි පන්දු 50කදී ලකුණු 39ක් රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය. මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම විසින් ලබාදුන් අතිරේක ලකුණු සංඛ්‍යාව 29ක් ලෙස සටහන් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත යොවුන් බාලිකාවන් අතරින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට හැකි වූයේ දෙදෙනෙකුට පමණි. බ්‍රියෝනි ගිල්ග්‍රාස් ලකුණු 35ක් සහ බී. විලිස් ලකුණු 20ක් (නොදැවී) ලබා ගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නායිකා චමුදි ප්‍රබෝධා විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් පන්දුවාර 10කදී නිලකුණු පන්දුවාර 4ක් සමඟ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තාය. ඇයට සහාය වූ අසේනි තලගුණේ පන්දුවාර 9.1කදී නිලකුණු පන්දුවාර 6ක් සමඟ ලකුණු 11කට කඩුලු 3ක් ලබා ගත්තාය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 6ම චමුදි ප්‍රබෝධා සහ අසේනි තලගුණේ විසින් දවා ගත් අතර, එවිට ලකුණු පුවරුව 41/6 ලෙස පෙන්වීය.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක ඔස්ට්‍රේලියාව යන අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම් තුන අතර පැවැත්වෙන අතර, යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබාදීම අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති බැවින් ශූරියන් තේරීමක් සිදු නොකෙරේ.

ලකුණු සාරාංශය:

ශ්‍රී ලංකා යොවුන් බාලිකා කණ්ඩායම – පන්දුවාර 42.4කදී සියලුදෙනා දැවී 170
(ලිමන්සා තිලකරත්න 51, හෂිනි ගිම්හානි 39, ටෘඩි ජොන්සන් 9/4, බී. විලිස් 40/2, මාරියා ඇන්ඩෘස් 23/2)

එංගලන්ත යොවුන් බාලිකා කණ්ඩායම – පන්දුවාර 41.2කදී සියලුදෙනා දැවී 118
(බ්‍රියෝනි ගිල්ග්‍රාස් 35, බී. විලිස් නොදැවී 20, චමුදි ප්‍රබෝධා 13/3, අසේනි තලගුණේ 11/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee