slc
logo
Home   |    News
අප්‍රේල් 24, 2026
ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන්ගෙන් සාර්ථක පිළිතුරක්

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (24දා), අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 197ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවූහ.

ඒ අනුව, නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු 305 ඉක්මවා යාමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට තවත් ලකුණු 108ක් අවශ්‍ය වන අතර, ඒ සඳහා කඩුලු 8ක් අත ඉතිරිව තිබේ.

තරගය නිමා වීමට පන්දුවාර 2ක් ඉතිරිව තිබියදී නිශාන් මදුෂ්ක (57) දැවී නොසිටියේ නම් ශ්‍රී ලංකා ඉනිම එක් කඩුල්ලක් පමණක් දැවී තිබුණි. කෙසේ වෙතත්, තරගය නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් පන්දුවට පහර දෙන කමිල් මිශාර පන්දු 57කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 72ක් ලබා සිටි අතර, සැඳෑ පිතිකරු ලෙස පිවිසි මොහොමඩ් ශිරාස් ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටියේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් ළහිරු උදාර සහ නිශාන් මදුෂ්ක දෙදෙනාම අර්ධ ශතක ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරුවා ලෙස ළහිරු උදාර දැවී යන විට ලකුණු 61ක් ලබා, පළමු කඩුල්ල සඳහා ලකුණු 98ක සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට දායක විය.

අද දිනයේ කැපී පෙනෙනම සිදුවීම වන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දිලුම් සුධීර, නවසීලන්ත ඉනිම බිඳ දැමීම සඳහා කඩුලු 6ක් දවා ගැනීමට සමත් වීමයි. ලකුණු 238කට කඩුලු 4ක් දැවී තිබූ අවස්ථාවේ දෙවැනි දිනය ආරම්භ කළ නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලු 6න් 4ක්ම දවා ගනිමින් ඔහු පන්දුවෙන් විශිෂ්ට දක්ෂතාවයක් දැක්වීය.

පන්දුවාර 35.1ක් යැවූ දිලුම්, නිලකුණු පන්දුවාර 7ක් සමඟ ලකුණු 107කට කඩුලු 6ක් ලෙස තම පන්දු යැවීම නිමා කළේය. ඔහු මෙම දක්ෂතාවය දක්වන අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් සහ ඔහුගේ සහාය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන රයන් වෑන් නීකර්ක් සහ ජෝර්ඩන් ග්‍රෙගරිද තරගය නරඹමින් සිටීම විශේෂත්වයකි.

දිනයේ පළමු කඩුල්ල ලෙස මැක්ස් චූව දවාගත් දිලුම් සුධීර, අනතුරුව පෙර දිනයේදී ලකුණු 102ක් ලබා සිටි මැතිව් බෝයිල්ව එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙර දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය. එම දැවී යෑම්වලින් පසුව නවසීලන්ත ‘ඒ’ කණ්ඩායමට නැවතත් හිස එසවීමට අවස්ථාව නොදුන් ශ්‍රී ලංකා ‘ඒ’ පන්දු යවන්නෝ තවත් ලකුණු 45ක් ඇතුළත, ලකුණු 305දී නවසීලන්ත ඉනිම අවසන් කිරීමට සමත් වූහ.

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 87.1කදී ලකුණු 305යි – (මැතිව් බෝයිල් 102, රිස් මාරියු 22, කර්ටිස් හීපි 59, මැක්ස් චූ 27, මිචෙල් හේ 20, සයිමන් කීන් 20; දිලුම් සුධීර 107/6, රමේෂ් මෙන්ඩිස් 103/3, දුලාජ් සමදිත 39/1)

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 45.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 197යි – (නිශාන් මදුෂ්ක 57, ළහිරු උදාර 61, කමිල් මිශාර 72, මයිකල් රී 35/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar