slc
logo
Home   |    News
අප්‍රේල් 16, 2026
ත්‍රිකුණාමලයේ මිතලිට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි – විශ්මිගේ සේවය අහිමි වෙයි

sinhala editor

ද්වී පාර්ශ්වික තරගාවලියකට සහභාගිවීම සඳහා පළමු වතාවට බංග්ලාදේශය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට පළ පුරුදු පිතිකාරිණියක වන විශ්මි ගුණරත්නගේ සේවය අහිමිව තිබේ. අතේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇයට මෙම සංචාරය අහිමිව තිබේ.

එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලිය සඳහා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඉන් විස්සයි-20 තරග අංශයට පාසල් වයසේ ක්‍රීඩිකාවක් වන මිතලි අයෝද්‍යාව එක් කර තිබේ.

ත්‍රිකණාමලය දිස්ත්‍රික්කයේ පාසල් වන කන්තලේ මැදි මහ සහ රජඇල යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය හදාරා ඇති මිතලි වර්තමානයේ කන්තලේ මැදි මහ විදුහලේ අධ්‍යාපනය හදාරන්නීය. වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන මිතලි ඉකුත්දා නැගිඑන කණ්ඩායම් අතර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදීද ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවාය.

අප්‍රේල් මස 20 වැනිදායින් ආරම්භ වන එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් අප්‍රේල් මස 17 වැනි දින බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇත.මෙහිදී අවසන් වතාවට බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ඇතුළත් නොවුණු තුන් ඉරියව් ක්‍රීඩිකාවන් දෙදෙනකු වන පියුමි වත්සලා සහ හංසිමා කරුණාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එක්දින තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. පියුමි වත්සලා, චේතනා විමුක්ති සහ කාව්‍යා කාවින්දිව එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට මිතලි අයෝද්‍යා සහ රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමට එක්වනු ඇත.

මෙම තරගාවලියේ පළමු තරග 3 ම රාජ්ශාහිදී පැවැත්වෙන අතර එම තරග අප්‍රේල් 20, 22 සහ 25 යන තෙදිනදී පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව විස්සයි-20 තරග 3 සිලෙට් නගරයේදී පැවැත්වෙන අතර එම තරග අප්‍රේල් 28, 30 සහ මැයි 02 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම 2026 අප්‍රේල් 17 දින බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිත අතර මෙම සංචාරය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් වර්ධනය කර ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත. 

එක්දින කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, පියුමි වත්සලා, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, කාව්‍යා කාවින්දි, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.

විස්සයි-20 කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, රශ්මිකා සෙව්වන්දි, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, නිමේෂා මදුෂානි.

දිනයතරගයක්‍රීඩාංගණයවේලාව
එක්දින තරගාවලිය
අප්‍රේල් 20පළමු එක්දින තරගයරාජ්ශාහිදිවා තරගයක්
අප්‍රේල් 22දෙවැනි එක්දින තරගයරාජ්ශාහිදිවා තරගයක්
අප්‍රේල් 25තෙවැනි එක්දින තරගයරාජ්ශාහිදිවා තරගයක්
විස්සයි-20 තරගාවලිය
අප්‍රේල් 28පළමු විස්සයි-20 තරගයසිලෙට්ප.ව. 6.00
අප්‍රේල් 30දෙවැනි විස්සයි-20 තරගයසිලෙට්ප.ව. 6.00
මැයි 02තෙවැනි විස්සයි-20 තරගයසිලෙට්ප.ව. 6.00

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee