slc
logo
Home   |    News
අප්‍රේල් 23, 2026
නවසීලන්ත ‘ඒ’ පළමු ඉනිම කඩුලු 4කට ලකුණු 238යි

sinhala editor

සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා  ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර දෙවැනි නිල ‍නොවන ටෙස්ට් තරග‍යේ අද (අද 23 දා) පළමු දිනය නිමාවෙද්දී නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 238ක් රැස්කර ගත්තේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය ඕවර 63කට සීමා වූ අතර,  වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට කලින් පළමු දිනය නිමාවට පත් විය.

නවසීලන්ත ‘ඒ‘ පිලේ පළමු කඩුලු ‍දෙක ලකුණු 55කදී බිද දැමීට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, අනතුරුව ‍ගොඩනැගුණු සබඳතා හේතුවෙන් නවසීලන්ත ‘ඒ‘ ඉනිම යම් දුරකට ස්ථාවර විය. 

නවසීලන්ත ‘ඒ’ පිලේ අංක 4 පිතිකරු මැතිව් බොයිල් වාර්තා කළ ශතකය හේතුවෙන් නවසීලන්ත පිලට ශක්තියක් වූ අතර, ඔහු පන්දු 116කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් එල්ල අතර, කර්ටිස් හෙෆි සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 114ක් එක් කිරීමට සමත් විය. බොයිල් සිව්වැනි කඩුල්ලට මැක්ස් චූ සමඟ එක්ව ගොඩනැඟූ සබඳතාව ලකුණු 50කි. හෙෆි පන්දු 130කින් ලකුණු 59ක් සහ මැක්ස් නොදැවී පන්දු 62කදී ලකුණු 26ක් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී දිලුම් සුධීර කඩුලු 2ක් හා දුලාජ් සමුදිත හා රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්හ.

හෙට තරගයේ දෙවැනි දිනයයි.

නවසීලන්ත ‘ඒ’ පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 238 (ඕවර 63) රියාස් මාරුයි 22, මැතිව් බොයිල් 102, කර්ටිස් හෙෆි 59, මැක්ස් චූ නොදැවී 26, මි‍චෙල් හේ නොදැවී 13 (දිලුම් සුධීර 80/2, දුලාජ් සමුදිත 39/1, රමේෂ් මෙන්ඩිස් 75/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee