slc
logo
Home   |    News
අප්‍රේල් 3, 2026
නවසීලන්ත ‘A’ පිලට එරෙහි සටනට පාසල් ක්‍රීඩකයින් තිදෙනෙක්

sinhala editor

නවසීලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් නම් කර ඇත. නම් කරන ලද කණ්ඩායමට ටෙස්ට් ක්‍රීඩකයින් වන රමේෂ් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ළහිරු කුමාරද ඇතුළත්ව සිටිති.

නවසීලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 05 වැනිදා සිට ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා අනතුරුව පැවැත්වෙන තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘A’ සංචිතයට ක්‍රීඩකයින් 28 දෙනෙකු නම් කර තිබේ.

මෙම තරගාවලියේ සිව්දින අංශයේ නායකත්වය පසිදු සූරියබණ්ඩාර වෙත පවරා ඇති අතර, එක්දින අංශයේ නායකත්වය සහන් ආරච්චිගේ වෙත හිමිව තිබේ. අනාගත ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමේ අරමුණින් තරුණ හා දක්ෂ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා ලබා දීමට මෙවර තේරීම්වලදී අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.

මෙවර කණ්ඩායමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ උපනායක කවීජ ගමගේ, චාමික හීනටිගල, සහ විග්නේෂ්වර ආකාශ්ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙම තරගාවලිය හරහා ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවක් ක්‍රීඩකයන්ට හිමිවනු ඇති අතර, ඉදිරියේ ජාතික කණ්ඩායමට එක්වීමට සුදුසු දක්ෂතා දක්වන ක්‍රීඩකයන් හඳුනා ගැනීමට මෙය වැදගත් වනු ඇත.

තරගාවලිය සඳහා නම් කර ඇති සම්පූර්ණ ක්‍රීඩක ලැයිස්තුව පහත පරිදි වේ:

ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම – කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, කවිජ ගමගේ, පවන් රත්නායක, නුවනිදු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, පසිදු සූරියබණ්ඩාර (නායක – සිව්දින), සොනාල් දිනූෂ, සහන් ආරච්චිගේ (නායක – එක්දින), සොහාන් ද ලිවේරා, මිලාන් රත්නායක, රවිඳු ප්‍රනාන්දු, චාමික හීනටිගල, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, ‍ට්‍රෙවීන් මැතිව්ස්, විග්නේෂ්වර ආකාශ්, රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුදීර, ඉසිත විජේසුන්දර, ලහිරු කුමාර, දුලාජ් සමුදිත, ප්‍රමෝද් මධුෂාන්, මොහොමඩ් ශිරාස්, ඩිල්ෂාන් මධුශංක, දුවිඳු රණතුංග.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee