slc
logo
Home   |    News
අප්‍රේල් 9, 2026
ප්‍රේමදාස පිටියේ ඉනිම තුනකදී ලකුණු 1000 ඉක්මවයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ හා දඹුල්ල අතර තරගයේදී ඉනිම තුනකදී ලකුණු 1064ක් වාර්තා කිරීමට දෙපිලම සමත් වූ අතර, අද අවසන් දිනයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ  පළමු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ලකුණු 408ක් ලබා කොළඹ පිලට දැවැන්ත ඉලක්කයක් එල්ල කළ අතර, එම අභියෝගයට සාර්ථක පිළිතුරක් දෙමින් කොළඹ පිල ලකුණු 390ක් ලැබූ අතර, අද තරගය නතර කරද්දී දඹුල්ල පිල කඩුල්ලක් දැවී ලකුණු 266ක් ලබා සිටියේය. දඹූල්ල පළමු ඉනිමේදී ලකුණු 97කට දැවීගිය නිශාන් මධුෂ්ක දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 107ක් හා කවීන් බණ්ඩාර නොදැවී ලකුණු 100ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ දඹුල්ල පිලේ නායක ධනංජය ද සිල්වා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, දඹුල්ල පිලේ අංජල බණ්ඩාර ලකුණු 95කට දැවී ගිය හෙයින් ඔහුට ශතකය අහිමිවී ගියේය.

ජය පැරදුමෙන් තොර තරගයේ වැඩි ගෞරව ගාල්ලට

ගාල්ල හා මහනුවර අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මහනුවර පිලට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 314ක ඉලක්කයක් එල්ලවී තිබියදී දෙවැනි ඉනිම කඩුලු 9කට ලකුණු 229ක් ලෙස තියුණු නිමාවක් සටහන් වූවේය. ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල පන්දු යවන්නන්ට අවසන් කඩුල්ල දවා ගැනීමට ඉඩ නොදී මහනුවර පිලේ ජෙෆ්රි වැන්ඩර්සේ හා දුලාජ් සමුදිත අවසන් කඩුල්ලට පන්දු 30කදී ලකුණු 19ක් ලබා නොබිඳුනු සබඳතාවක් ගොඩනඟමින් සිටියදී තරගය නිමාවට පත් වූවේය.

මෙම තරගයේ විශේෂත්වය වූයේ පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉස්මතු වීමය. මහනුවර පිලේ චාමික ගුණසේකර මුල් ඉනිමේදී ලකුණු 45කට කඩුලු 5ක් හා ගාල්ල පිලේ ඉසිත් දේව් විජේසුන්දර ලකුණු 56කට කඩුලු 5ක් බිදහෙලීමට සමත් වූහ.

ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දු පළමු ඉනිමේ ලකුණු 84ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 55ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 70ක්,  සදීර සමරවික්‍රම ලකුණු 76ක්, දිලුම් සුධීර ලකුණු 56ක්, මහනුවර පිලේ ෂම්මු අෂාන් ලකුණු 52ක් හා පවන්ත වීරසිංහ ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූහ.

දඹුල්ල සහ කොළඹ

දඹුල්ල පිල පළමු ඉනිම ඕවර් 120කදී සියලු දෙනා දැවී ලකුණු 408

නිශාන් මධුෂ්ක 97, තනුක දාබරේ 56, කවීන් බණ්ඩාර 25, අංජල බණ්ඩාර 95, චමිඳු වික්‍රමසිංහ 15, කවිඳු පතිරත්න 49, අකිල ධනංජය ‍නොදැවී 26 (ප්‍රභාත් ජයසූරිය 110/3, චමෝද් බැට්ටගේ 57/2, ජනිත් ලියනගේ 28/2)

කොළඹ පිල පළමු ඉනිම ඕවර් 123.2කදී සියලු දෙනා දැවී ලකුණු 390

රවිඳු රසාන්ත 68, තරිඳු අමරසිංහ 52, ධනංජය ලක්ෂාන් 53, ප්‍රභාත් ජයසූරිය 54, ජනිත් ලියනගේ 47, චරිත් අසලංක 67 (කවිඳු පතිරත්න 68/2, අකිල ධනංජය 90/3, ශක්ති උදාර 97/4)

දඹුල්ල පිල දෙවැනි ඉනිම ඕවර් 76කදී කඩුලු 1ක් දැවී ලකුණු 266

නිශාන් මධුෂ්ක 107, තනුක දාබරේ 44, කවීන් බණ්ඩාර නොදැවී 100 (දුෂාන් හේමන්ත 65/1)

ගාාල්ල සහ මහනුවර

ගාල්ල පිල පළමු ඉනිම ඕවර් 80.2කදී සියලු දෙනා දැවී ලකුණු 260

ඔෂධ ප්‍රනාන්දු 84, පසිඳු සූරියබණ්ඩාර 33, ඉසිත් දේව් විජේසුන්දර 27, රමේෂ් මෙන්ඩිස් 70 (දුලාජ් සමුදිත 51/3, චාමික ගුණසේකර 45/5, ජෙෆ්රි වැන්ඩර්සේ 39/2)

මහනුවර පිල පළමු ඉනිම ඕවර් 58.2කදී සියලු දෙනා දැවී ලකුණු 209

පවන්ත වීරසිංහ 15, චාමික හීනටිගල 18, ෂම්මු අෂාන් 52, අෂේන් බණ්ඩාර 28,  සොහාන් ඩී ලිවේරා 20, චාමික කරුණාරත්න 34 (ඉසිත් දේව් විජේසුන්දර 56/5, අසංක මනෝජ් 47/2 )

ගාල්ල පිල ‍දෙවැනි ඉනිම ඕවර් 95කදී සියලු දෙනා දැවී ලකුණු 262

සදීර සමරවික්‍රම 76, රමේෂ් මෙන්ඩිස් 17, ඔෂධ ප්‍රනාන්දු 55, දිලුම් සුධීර 56, ඉසිත් දේව් විජේසුන්දර 18 (චාමික කරුණාරත්න 28/3, දුලාජ් සමුදිත 47/2, ජෙෆ්රි වැන්ඩර්සේ 57/2 )

මහනුවර පිල දෙවැනි ඉනිම ඕවර් 55කදී කඩුලු 9ක් දැවී ලකුණු 229

ළහිරු උදාර 41, සොහාන් ඩී ලිවේරා 28, පවන්ත වීරසිංහ 61, අෂේන් බණ්ඩාර 20, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 23, දුලාජ් සමුදිත නොදැවී 8 (ඉසිත් දේව් විජේසුන්දර 34/2, අසංක මනෝජ් 60/3, රමේෂ් මෙන්ඩිස් 26/2 )

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee