slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2026
වනුගේ විශීෂ්ට පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට දැවැන්ත ජයක්

sinhala editor

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (05 දා) පැවැති නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරග මාලාවේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම ලකුණු 140 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිිකට් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත් වුණු වනුජ සහන්, ලකුණු 13 ක් ඇතුළත නවසීලන්ත පිතිකරුවන් 5 දෙනෙකු දවා ලමින් දැවැන්ත තරග ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන කාර්යය භාරය ඉටු කළේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ශක්තිමත් පිතිකරණයක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 261 ක් ලකුණු පුවරුවේ රැඳවීිමට සමත්විය. මෙහිදී කමිල් මිශාර සහ නායක සහන් ආරච්චිගේට අමතරව මිලාන් රත්නායක පිතිකරණයෙන් වැඩි දායකත්වයක් ලබා දුන්හ.

මෙහිදී වේගවත් ආරම්භයක් ලබා දුන් කමිල් මිශාර පන්දු 49 කින් ලකුණු 71 ක් රැස් කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 12 කින් සහ එක් හයේ පහරකින් අලංකාර විණ. නායක සහන් ආරච්චිගේ ද තවත් පැතිකඩකින් ඉනිම ස්ථාවර කර ගත්තේ පන්දු 1 කදී ලකුණු 66 ක් ලබා ගනිමිනි. එම ඉනිමට හතරේ පහඑ 7 ක් සහ එක් හයේ පහරක් පමණක් ඇතුළත් විය.

පසු පෙළින් පිවිසි මිලාන් රත්නායක ද පන්දු 89 කදී ලකුණු 53 ක් රැස් කරගත්තේ ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහරකින් වර්ණව්ත කර ගනිමිනි.  ශ්‍රි ලංකා ඉනිම යම් තරමකට හෝ මට්ටු කිරීමට සමත්වූ නවසීලන්ත පන්දු යවන්නන් දෙදනො බවට පත්වූයේ ක්‍රිස්ටියන් ක්ලාක් සහ අදිත්‍ය අශෝක් වන අතර ඔවුහු කඩුලු 2 බැගින් දවාලූහ.

ලකුණු 262 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සදහා පිටියට පිවිසි නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට වනුජ සහන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලපරාක්‍රමය හමුවේ රැස් කරගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. පන්දුවාර 6.4 ක් යැවූ වනුජ ලකුණු 13 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගත්තේ දේශීය තරග පිටියේ තමන් ලබා සිටින සාර්ථකත්වය තව දුරටත් සහතික කරමිනි.

ඔහුට අනගි සහායක් ලබා දුන් සොනාල් දිනූෂ කඩුලු 2 ක් දවාලමින් ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා දීමට පියවර ගත්තේය. පිතිකරුවන් තිදෙනකු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුවත්, වනුජගේ දක්ෂතාවය පසුකර යෑමට ඔවුට නොහැකි විය. එහි අවසන් තීරණය වූයේ තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී දක්ෂතම ක්‍රීඩකයාට පිදෙන සම්මානයෙන්ද වනුජ සහන් පිදුම් ලැබීමයි.

ශ්‍රී ලංකා ‘එ්‘ කණ්ඩායම පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 261 යි – (කමිල් මිශාර 71, ලසිත් කෘෘස්පුල්ලේ 05, නුවනිඳු ප්‍රනාන්දු 08, පවන් රත්නායක 16, සහන් ආරච්චිගේ 66, සොනාල් දිනූෂ 09, මිලාන් රත්නායක 53, රවිදු ප්‍රනාන්දු 00, වනුජ සහන් 12, ප්‍රෙමා්ද් මදුෂාන් 04, ඩිල්ෂාන් මදුශංක 03*, ක්‍රිස්ටියන් ක්ලාර්ක් 42/2, ආදිත්‍ය අශෝක් 45/2)

නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 28.4 කදී සියලු දෙනා දැවී ලකුණු 121 යි – (ක්‍රිස්ටියන් ක්ලාර්ක් 18, ටයිස් මාරිවු 19, ඩේල් පිලිප්ස් 30, මුහමාද් අබ්බාස් 11, වනුජ සහන් 13/5, සොනාල් දිනූෂ 10/2, රවිදු ප්‍රනාන්දු 24/1)

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee