slc
logo
Home   |    News
අප්‍රේල් 18, 2026
ශතක දෙකක බලයෙන් නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිමේ ඉදිරියට

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයේදී තෙවැනි දිනය වූ අද (18 දා) මුලු දවස පුරා ඉවසීමෙන් සහ සංයමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ‘ඒ‘ පිතිකරුවෝ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 381 ක ඉලක්කය පසුකර යෑමට සමත්වූහ. අයහපත් කාලගුණය මත තරගය නියමිත වේලාවට පෙර නතර කර දමන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 416 ක් ලබා පළමු ඉනිමේ ආධිපත්‍ය තමන් සන්තකයට ගෙන තිබුණේ ශ්‍රී ලංකා ‘එ්‘ කණ්ඩායමට වඩා පළමු ඉනිමේදී ලකුණු 35 කින් ඉදිරියට පැමිණෙමිනි.

ලකුණු 199 කට එක් කඩුල්ලක් දැවී සිටියදී දෙවැනි දිනය ආරම්භ කරන ලද නවසීලන්ත ‘ඒ‘ පිල එම වාසිය දෙවැනි දිනය ආරම්භයේදීත් පවත්වාගෙන යෑමට සමත්වූවේය. එහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් පළමු දිනයේදී ශතකයක් සම්පූර්ණ කරන ලද ටිම් රොබින්සන්ට අමතරව ආරම්භක පිතිකරු කර්ටිස් හීපීද අද දිනයේදී ශතකයක් වාර්තා කර ගැනීමට සමත්වූවේය.

අද දිනයේ මුලිම දැවී ගියේ ටිම් රොබින්සන් ය. ඔහු මුලු ලකුණු සංඛ්‍යාව 245 ක්ව තිබියදී පිටියෙන් ඉවත් වූයේ සොනාල්දිනූෂගේ පන්දුවක් කෙළිම් කඩුල්ලේ වැදීමෙනි.

සිය ශතක සම්බන්ධතාවය පැවැත්වීම වෙනුුවෙන් සහාය දුන් සහායකයා දැවී ගියද හුදෙකලා ඉනිමක නිරත වුණු කර්ටිස් හිපී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් කඩුල්ලේ රැදී සිටියේය. ඔහු සත්කාරක පන්දු යවන්නන් හමුවේ කෙතරම් ඉවසීමකින් පන්දුවට පහර දුන්නේද කිවහොත් පිටියෙන් පිටත්ව ගියේ සංචාරකයින්ගේ 8 වැනි කඩුල්ල වශයෙන් දැවී යමිනි. ඉසිත විජේසුන්දරගේ පන්දුවකට ළහිරු උදාර උඩ පන්දුවක් රැකගැනීම නිසා පිටියෙන් ඉවතට යවන විටත් පන්දු 370 කට මුහුණ දී සිටි දකුණත් පිතිකරුවා ඉන් 13 ක් හතරේ සීමාවෙන් පිටතට යවමින් ලකුණු 162 ක් ලබාගෙන සිටියේය.

ශතකලාභීන් දෙදෙනාට අමතරව නවසීලන්ත ඉනිමෙන් වාර්තා වුණු ඉනිම ලකුණු සංඛ්‍යාව වූය් මිචෙල් හේ රැස් කරන ලද ලකුණු 33 විය. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් සහ ඉසිත විජේසුන්දර කඩුලු 2 බැගින් දවා ගනිද්දී, මිලාන් රත්නායක, දුලාජ් සමුදිත, දිලුම් සුදීර, සහ සොනාල් දිනූෂ එක් කඩුල්ල බැගින් බිද හෙලූහ. අද දිනයේදී යවන ලද පන්දුවාර 79 ඇතුළතදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසිලන්ත පිතිකරුවන් ලබා දුන්නේ කඩුලු 8 ක් පමණක් වීම ප්‍රතිවාදී පිතිකරුවන් කෙතරම් තරගයේ පාලනය තමන් සන්තකයේ තබා ගත්තාද යන්නට නිදසුනකි.

හෙට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වේ.

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 97.5 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 381  යි – (නිශාන් මදුශ්ක 20, ලහිරු උදාර 61, නුවනිඳු ප්‍රනාන්දු 21, පවන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 32, සොනාල් දිනූෂ 108, රමේෂ් මෙන්ඩිස් 48, ඉසිත විජේසුන්දර 36, ටිම් පිිංගල් 88/3, රයන් හැරිසන් 60/2, පීටර් යංගස්බන්ඩ් 97/2)

නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 141.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 416 යි – (කර්ටිස් හීපී 162, ටිම් රොබින්සන් 130, රයිස් මාරිව් 17, මැතිව් බොයිල් 26, මැචෙල් හේ 33, ටිම් පිංගල් 12, ඉසිත විජේසුන්දර 48/2, රමේෂ් මෙන්ඩිස් 90/2, මිලාන් රත්නායක 60/1, දුලාජ් සමුදිත 66/1, දිලුම් සුදීර 85/1, සොනාල් දිනූෂ 57/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee