slc
logo
Home   |    News
අප්‍රේල් 12, 2026
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ විස්සයි-20 ත් ශක්තිය පෙන්වයි

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ ශක්තිමත් ක්‍රීඩා හැකියාව තවදුරටත් පෙන්වමින්, ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර බිල් පිපේන් ඕවල් පිටියේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයේදී එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම ලකුණු 08 කින් පරාජයට පත් කිරීමට චමුදි ප්‍රබෝධාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත්විය.

මෙම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු 20 අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළේය. ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.2 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

ශ්‍රී ලංකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව යන රටවල යොවුන් කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි-20 තරග අංශයේ දෙවැනි තරගය ලෙසින් පැවැති මෙම තරගය දෙරට යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන බැවින් ශූරියන් තෝරා ගැනීමක් සිදු නොකෙරෙනු ඇත. මෙම තරගාවලියට පෙර පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා බාළිකාවන් එංගලන්ත බාළිකා පිලට එරෙහිව ලකුණු 52 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් ලිමන්සා තිලකරත්න පිත්තට අමතරව  පන්දුවෙන්ද දක්කම් දක්වමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන් ප්‍රධාන ක්‍රීඩිකාව බවට පත්විය. මෙහිදී පිත්තෙන් නොදැවී ලකුණු 14 ක් ලබා ගත් ලිමන්සා පන්දු යැවීමෙන් පන්දුවාර 4 කදී ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවාය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරා ගත් අතර ආරම්භක පිතිකාරිණී විමෝක්ෂා බාලසූරිය ලකුණු 06 කට දැවී ගියාය. ඇය අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද පළමු කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමි වන විට මුලුලකුණු සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළට රැගෙන යෑමට සංජනා කාවින්දි සමත්වූවාය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සංජනා කාවින්දි පන්දු 33 කදී ලකුණු 45 ක් රැස් කළේ තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කර ගනිමිනි. ඇයට අමතරව කඩුලු රකින ක්‍රීඩිකා නෙතඟි ඉසුරාංජලී පන්දු 27 කදී ලකුණු 25 ක් ලබා ගනිද්දී ලිමන්සා තිලකරත්න පන්දු 18 කදී ලකුණු 14 ක් ලබා ශ්‍රී ලංකා ඉනිම නිමවන තෙක්ම රැදීසිටියාය. මෙම තරයේදී ප්‍රතිවාදී කනඩායමෙන් ශ්‍රී ලංකාවට හිමි අතිරේක ලකුණු සංඛ්‍යාව 20 ක් විය.

නායිකා චමුදි ප්‍රබෝධා ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19.2කදී සියලු දෙනා දැවී ලකුණු 128ක් පමණක් ලබා ගත හැකිවිය. එංගලන්තය වෙනුවෙන් ජියර් (23), විලිස් (21) සහ තකාරා (20) පමණක් ලකුණු 20 සීමාව ගිය පිතිකාරිණියෝ බවට පත්වූහ.

පන්දු යැවීමේදී ලිමන්සාට අමතරව චමුදි ප්‍රබෝධා ලකුණු 32 ක් ඇතුළත කඩුලු 3ක්ද අසේනි තලගුණේ ලකුණු 17 කට කඩුලු 2ක් බිඳ හෙලූහ. මෙම තරඟයේ විශිෂ්ටම ක්‍රීඩිකාව ලෙස ලිමන්සා තිලකරත්නව නම් කරනු ලැබීය.

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 136 යි – (සංජනා කාවින්දි 45, නෙතඟි ඉසුරාංජලී 25, ශෂිනි ගිම්හානි 12, ලිමන්සා තිලකරත්න 14*, දනෝද්‍යා සිව්මිණී 11*, වීනස් වීරප්පුලි 19/2)

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 128 යි – (බී විලිස් 21, ජී. ජියර් 23, ක්ලාරා තකාර් 20, ලිමන්සා තිලකරත්න 26/3, චමුදි ප්‍ර බෝධා 32/3, අසේනි තලගුණේ 17/2, ශෂිනි ගිම්හානි 15/1)  

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee