slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2026
සිංහ, කඳුකර සහ නාරම්මල ක්‍රීඩා සමාජ ජය ගනී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් (ආණ්ඩුකාර කුසලාන) අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති තවත් තරග තුනකදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, නාරම්මල ක්‍රීඩා සමාජය සහ කඳුකර ක්‍රිකට් සමාජය ජයග්‍රහණ වාර්තා කළේය.

කරන්දෙණියේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 7කින් යුනිචෙලා ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, වෙලගෙදර ක්‍රීඩාංගණයේදී නාරම්මල ක්‍රීඩා සමාජය කඩුලු 6කින් මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පරාජය කළේය. එසේම, මොනරාගල දිස්ත්‍රික්ක ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කඳුකර ක්‍රිකට් සමාජය කඩුලු 7කින් හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පරාජය කළේය.

මෙම තරග තුනේදීම ජයග්‍රහණ ලබාගත්තේ දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම් වේ. අද දිනයේදී අර්ධ ශතක තුනක් පමණක් වාර්තා වූ අතර, කිසිදු පන්දු යවන්නෙකුට කඩුලු තුනට වැඩි සංඛ්‍යාවක් දවා ගැනීමට නොහැකි විය.

කඳුකර ක්‍රිකට් සමාජයේ නුවන් මෙන්ඩිස් (ලකුණු 77), හෙට්ටිපොළ ක්‍රීඩා සමාජයේ ඔමේෂ් විද්‍යාරත්න (ලකුණු 64) සහ නාරම්මල ක්‍රීඩා සමාජයේ දිමත් අබේසිංහ (නොදැවී ලකුණු 61) මෙදින අර්ධ ශතක රැස් කළහ.

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය හා යුනිචෙලා ක්‍රීඩා සමාජය අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු පැතුම් බොතේජු ලකුණු 22කට කඩුලු 3ක් දවා දක්ෂ පන්දු යැවීමක් දැක්වීය.

නාරම්මල ක්‍රීඩා සමාජය හා මහනුවර තරුණ ක්‍රිකට් සමාජය අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ දිමත් අබේසිංහ කඩුලු 3ක් දවා, පසුව පන්දු 47කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 1ක් සමඟ නොදැවී ලකුණු 61ක් ලබා තුන් ඉරියව් දක්ෂතා දැක්වීය.

කඳුකර ක්‍රිකට් සමාජය හා හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය අතර තරගයේ දක්ෂතම ක්‍රීඩකයා වූ සුදේශ් ඉඳුනිල් ලකුණු 16කට කඩුලු 3ක් දවා කැපී පෙනුණි.

  • අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය – යුනිචෙලා ක්‍රීඩා සමාජය  -කරන්දෙණියේ දී

අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුල 7කින් ජය ගනී

යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 35.3ක දී සියල්ල දැවී ලකුණු 111 – ෂානුක චෙරාන් 27, සයුරු උඩුකුඹුර 23, සසිරි අධිකාරි 22, පැතුම් බොතේජු 22/3, ලෂ්මික පෙරේරා 7/2, දසුන් චමෝද් 19/2

 අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 27.5ක දී කඩුලු 3ක් දැවී ලකුණු 114 – සමිඳු මදුරංග නොදැවී 37, දසුන් චමෝද් 24, කවීෂ් කුමාර 23, සසිරි අධිකාරි 16/1, සිදත් විමුක්ති 18/1

 (තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – පැතුම් බොතේජු – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය)

  • නාරම්මල ක්‍රීඩා සමාජය – මහනුවර තරුණ ක්‍රීඩා සමාජය – වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී

නාරම්මල ක්‍රීඩා සමාජය කඩුල 6 කින් ජය ගනී

 මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 41.4ක දී සියල්ල දැවී ලකුණු 153 – ජානුක රත්නායක 25, මොහොමඩ් රිෆාස් 25, විභවිත් ඇහැලේපොළ 22, විදත් බටපොළ 13/3, දිමත් අබේසිංහ 38/3

නාරම්මල ක්‍රීඩා සමාජය පන්දුවාර 29.4ක දී කඩුලු 4ක් දැවී ලකුණු 154 – දිමත් අබේසිංහ නොදැවී 61, දිනෙත් චන්දිමාල් 38, චාරුක හේරත් 23, සේසත් තිලකරත්න 42/3

  (තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – දිමත් අබේසිංහ – නාරම්මල ක්‍රීඩා සමාජය)

  • කඳුකර ක්‍රිකට් සමාජය – හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය – මොනරාගල දිසා ක්‍රිකට් පිටියේ දී

කඳුකර ක්‍රිකට් සමාජය කඩුල 7කින් ජය ගනී

හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 44.3ක දී සියල්ල දැවී ලකුණු 152  – ඕමේෂ් විද්‍යාරත්න 64, අර්ෂාන් ජෝශප් 39, චමිඳු හංසක 12, සුදේශ් ඉඳුනිල් 16/3, නිශාන් සමරක්කොඩි 24/2, ලක්ෂණ පෙරේරා 26/2, ඉඳුවර උදේන 35/2

කඳුකර ක්‍රිකට් සමාජය පන්දුවාර 27.2ක දී කඩුලු 3ක් දැවී ලකුණු 153 – නුවන් මෙන්ඩිස් 77, රුසිර රාජපක්ෂ නොදැවී 36, චේතක දෙනුවන් 14, ෂෙනාල් පෙරේරා 17/1

(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සුදේශ් ඉඳුනිල් – කඳුකර ක්‍රිකට් සමාජය)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee