slc
logo
Home   |    News
මැයි 29, 2026
ආබාධයෙන් සුවය ලැබූ විශ්මිට ලෝක කුසලාන වරම්

sinhala editor

එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ.

ඇතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් විශ්මිට ඉකුත්දා බංග්ලාදේශයේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එම තරගාවලිය අහිමි වුවද ඇය යළිත් නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිල නියෝජය කරමින් නැවතත් සුපුරුදු පිතිකරණ රිද්මයට පැමිණීමට සමත්වූවාය.

එහිදී ඇය විස්සයි-20 තරග 3 දී ලකුණු 23, 13 සහ 23 වශයෙන් ලකුණු රැස් කළ අතර, අනතුරුව පැවැති එක්දින තරගාවලියේ පළමු තරග දෙකේදී ලකුණු 27 සහ නොදැවී 57 වශයෙන් ලකුණු රැස් කරමින් තේරීම් කමිටුවේ අවධානය දිනා ගත්තාය. එම දක්ෂතා හේතුවෙන් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට අවස්ථාව හිමිවිය.

විශ්මි සංචිතයට එක්වීමත් සමඟ, බංග්ලාදේශ තරග සංචාරයට එක්ව සිටි වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දිට සිය ස්ථානය අහිමිව තිබේ.

සුපුරුදු පරිදි චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද මෙම ලෝක කුසලාන සංචිතය සඳහා වේග පන්දු යවන කාව්‍යා කාවින්දි සහ වමත් දඟ පන්දු යවන්නියක වන ශෂිනි ගිම්හානි කැඳවා ඇති තිබේ.

මොවුන් දෙදෙනා කණ්ඩායමට පැමිණ සිටින්නේ ඉකුත්දා බංග්ලාදේශ තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංගා සහ පළපුරුදු වමත් දඟ පන්දු යවන්නියක වන ඉනෝකා රණවීර වෙනුවටය. කාව්‍යා කාවින්දි එක්දින ජාත්‍යන්තර තරග 5 කදී සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 14 කදීද ශෂිනි ගිම්හානි විස්සයි-20 ජාත්‍යන්තර තරග 7 කදීද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

ශෂිනි යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර ළාබාලතම ක්‍රීඩිකාවගේ වාර්තාවට හිමිකම් කියන ක්‍රීඩිකාව වේ. ශෂිනි මංගල ජාත්‍යන්තර තරග වරම් දිනා ගන්නා විට ඇයගේ වයස අවුරුදු 15 ක් සහ දින 144 ක් ලෙසින් සනිටුහන්ව තිබිණ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි මස 03 වැනි දා රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතතපත්තු (නායිකා), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, කාව්‍යා කාවින්දි, ශෂිනි ගිම්හානි, සුගන්දිකා දසනායක, නිමාෂා මදුෂානි.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee