ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ගවනර්ස් කප්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (03) පැවති තරගවලදී කණ්ඩායම් හතක් ජයග්‍රහණ වාර්තා කළේය.
ජයග්‍රහණ හිමිකරගත් කණ්ඩායම් වන්නේ අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය, සඳලංකා ක්‍රිකට් සමාජය, සරසන්ස් ක්‍රීඩා සමාජය, අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය, මහනුවර ක්‍රිකට් සමාජය සහ කළුතර නගර කණ්ඩායමයි.
කටුනේරිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 3කින් හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පරාජය කළේය. කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී සඳලංකා ක්‍රිකට් සමාජය ලකුණු 29කින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, කටුගස්තොට ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී සරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5කින් ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය පරාජය කළේය.
අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 3කින් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, මොනරාගල දිසා ක්‍රීඩාංගණයේදී ලන්කන් ක්‍රිකට් සමාජය කඩුලු 9කින් කඳුකර ක්‍රීඩා සමාජය පරාජය කළේය. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 127කින් නාරම්මල ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේදී කළුතර නගර කණ්ඩායම කඩුලු 5කින් මැලේ ක්‍රීඩා සමාජය පරාජය කළේය.
මෙදින තරගවලදී ශතක දෙකක් සහ කඩුලු 5ක් දවාලීමක් ද වාර්තා විය. මහනුවර ක්‍රීඩා සමාජයේ දිමන්ත මහවිතාරණ පන්දු 149කදී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 135ක් ලබා ගත් අතර, කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජයේ අසීම් මොහමඩ් පන්දු 121කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 1ක් සමඟ ලකුණු 105ක් රැස් කළේය.
පන්දු යැවීමේදී මහනුවර ක්‍රීඩා සමාජයේ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 61කට කඩුලු 5ක් දවාලමින් කැපී පෙනුණි.
දිනයේ හොඳම සබඳතාවය ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ දිමන්ත මහවිතාරණ (135) සහ මහේන්ද්‍ර අබේසිංහ (85) අතර පළමු කඩුල්ලට පන්දුවාර 42.2කදී ලකුණු 230ක සබඳතාවයක් වාර්තා විය.
එසේම රන්දික මිහිරංග (11ට 4), පසිඳු උස්හෙට්ටි (47ට 4) සහ සහන් කෞශල්‍ය (33ට 4) ද පන්දු යැවීමේදී කැපී පෙනුණි.
ලකුණු විස්තරය
- ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය – සරසන්ස් ක්‍රීඩා සමාජය – කටුගස්තොට ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේ දී
සරසන්ස් ක්‍රීඩා සමාජය කඩුලු 5කින් ජය ගනී
ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 204 – මධුශාන් ගුණසිංහ 74, දිනුල් විජේසිංහ නොදැවී 36, චමිත චමුපති 19, චමත් ගෝමස් 23/2, ඩෙලන් පීරිස් 37/2, දිල්ශාන් මෙන්ඩිස් 47/2
සරසන්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 41.5ක දී කඩුලු 5ක් දැවී ලකුණු 207 – චමත් ගෝමස් 73, ඩෙලන් පීරිස් නොදැවී 57, නයන ප්‍රනාන්දු 39, මොහොමඩ් අස්කර් 27/2, මධුශාන් ගුණසිංහ 9/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ඩෙලන් පීරිස් – සරසන්ස් ක්‍රීඩා සමාජය)
- හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය – කටුනේරිය ශාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණයේ දී
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්
හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 28.3ක දී සියල්ල දැවී ලකුණු 124 – කවිෂ්ක ගිහාන් 46, ඔමේෂ් විද්‍යාරත්න 30, රන්දික මිහිරංග 11/4, චාමික සඳරුවන් 26/3 පැතුම් බොතේජු 29/2
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 21.2ක දී කඩුලු 7ක් දැවී ලකුණු 128 – කවීෂ කුමාර 41, ධනුෂ්ක ගුරුසිංහ 33, මනාන් මුසම්මිල් 20/3, ශෙනාල් පෙරේරා 19/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චාමික සඳරුවන් – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය)
- කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය – අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය – අඹේපුස්ස සිංහ රෙජිමෙන්තු ක්‍රීඩාංගණයේ දී
අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය කඩුලු 3කින් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරයි
කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 49.1ක දී සියල්ල දැවී ලකුණු 203 – අසීම් මොහෙමඩ් 105, සඳරු ඩයස් නොදැවී 33, මෝදිත වීරසිංහ 32, ඉඳුනිල් සංජීව 18/3, චරිත් සුදාරක 34/3, අතුල සේනාරත්න 50/2
අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 48.4ක දී කඩුලු 7ක් දැවී ලකුණු 206 – ළහිරු ධනංජය නොදැවී 89, ප්‍රමීත් චේතිය 21, චනුක වනසිංහ 20, සවිඳු කාවින්ද 18, අසීම් මොහොමඩ් 35/3, අර්ජුන් ගුණවර්ධන 40/3
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – චරිත් සුදාරක – අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය)
- සඳලංකා ක්‍රිකට් සමාජය – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී
සඳලංකා ක්‍රිකට් සමාජය ලකුණු 29කින් ජය ගනී
සඳලංකා ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 286 – බිනර සංකෙත් 74, චතුමල් නිමේෂ් 71, රිෂ්ම අමරසිංහ 33, අවීෂ සමාෂ් 27, රමිත් බණ්ඩාර 23, සුලේක රණසිංහ නොදැවී 21, ගයාන් සිරිසෝම 49/2, තිමිර කුමාරගේ 36/1
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 49.4ක දී සියල්ල දැවී ලකුණු 257 – ලෙෂ්ටර් ජයවීර 79, රන්මිත් සෙනරත් 38, තිමිර කුමාරගේ 37, චාමර ප්‍රනාන්දු 31, පසිඳු උස්හෙට්ටි 47/4, සුලේක රණසිංහ 45/3
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – පසිඳු උස්හෙට්ටි – සඳලංකා ක්‍රිකට් සමාජය)
- කඳුකර ක්‍රිකට් සමාජය – ලන්කන් ක්‍රිකට් සමාජය – මොනරාගල දිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
කඳුකර ක්‍රිකට් සමාජය කඩුලු 9කින් ජය ගනී
කඳුකර ක්‍රිකට් සමාජය පන්දුවාර 42ක දී සියල්ල දැවී ලකුණු 145 – නිශාන් සමරක්කොඩි 45, නුවන් මෙන්ඩිස් 35, දිනේෂ් මධුශාන් 21, සහන් කෞශල්‍ය 33/4, සෙනෙත් දිසානායක 36/3, ඉසුරු කවීෂ 23/2
ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 25.3ක දී කඩුල්ලක් දැවී ලකුණු 146 – කළණ මධුශංක 94, සහන් කෞෂල්‍ය නොදැවී 46, පැතුම් මලිත 19/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සහන් කෞශල්‍ය – ලන්කන් ක්‍රිකට් සමාජය)
- මැලේ ක්‍රිකට් සමාජය – කළුතර නගර සමාජය – සාලියපුර ගජබා ක්‍රීඩාංගණයේ දී
කළුතර නගර සමාජය කඩුලු 5කින් ජය ගනී
මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 42.4ක දී සියල්ල දැවී ලකුණු 124 – මිහිරංග ප්‍රනාන්දු 28, නිශාන් ජයමල් 24, ළහිරු ලක්මාල් 16, කවිඳු කෞශල්‍ය 23/3, සුමුදු සමීර 29/3, ෂනාල් බිනුක්ෂ 18/2
කළුතර නගර සමාජය පන්දුවාර 28.1ක දී කඩුලු 5ක් දැවී ලකුණු 125 – දහම් විමුක්ති 46, ෂනාල් බිනුක්ෂ 30, ළහිරු ලක්මාල් 31/3
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සුමුදු සමීර – කළුතර නගර සමාජය)
- මහනුවර ක්‍රිකට් සමාජය – නාරම්මල ක්‍රීඩා සමාජය – කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී
මහනුවර ක්‍රිකට් සමාජය ලකුණු 127කින් ජය ගනී
මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 7ක් දැවී ලකුණු 307 – දිමන්ත මහවිතාරණ 135, මහේන්ද්‍ර අබේසිංහ 85, සෙත්මික සෙනෙවිරත්න 35, කවිෂ්ක දිල්ෂාන් 18, අනුරුද්ධ රාජපක්ෂ 55/2
නාරම්මල ක්‍රීඩා සමාජය පන්දුවාර 43ක දී සියල්ල දැවී ලකුණු 180 – ලුදීෂ මාතරගේ 44, අනුරුද්ධ රාජපක්ෂ 42, අයේෂ් රෂ්මික 25, රජිත නවෝද්‍ය 19, සෙත්මික සෙනෙවිරත්න 61/5, මෙදුනක විජේතිලක 12/1
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – දිමන්ත මහවිතාරණ – මහනුවර ක්‍රිකට් සමාජය)





