slc
logo
Home   |    News
මැයි 27, 2026
පාසල් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ වැඩසටහනක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය 2026 මැයි 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ‘ සහ ටියර් ‘බී‘ තරගාවලි නියෝජනය කරනු ලබන  පාසල් නියෝජනය කරමින් පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා විසින් පැය දෙකක විශේෂ දේශනයක් පවත්වන ලද අතර, නවීන පුහුණු ක්‍රමවේද සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ වටිනා දැනුමක් ඔහු විසින් හුවමාරු කරන ලදී.

ළමයින්ට ක්‍රිකට් කුසලතා ඉගැන්වීමේදී මිත්‍රශීලී හා සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද කර්ස්ටන් මහතා අවධාරණය කළේය. එසේම, සාර්ථක ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් තමන්ගේම දැනුම සහ කුසලතා නිරන්තරයෙන් සංවර්ධනය කරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

ජයග්‍රහණවලට පමණක් අවධානය යොමු නොකර, දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු පාසල් පුහුණුකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් මහතා සහ ජාතික පන්දු රැකීම හා ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි මහතාද එක්ව සිටි අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ විශේෂඥ දැනුමද සහභාගී වූ පුහුණුකරුවන් සමඟ බෙදාහදා ගන්නා ලදී.

එමෙන්ම, වැඩසටහන තුළ ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වුණු අතර, ඒ හරහා පුහුණුකරුවන්ට ගැරී කර්ස්ටන් මහතා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පද්ධතිය තුළ උසස් දැනුමක් සහ කුසලතා සහිත පුහුණුකරුවන් බිහිකිරීමේ අරමුණින්, මෙම වැඩසටහන ඉදිරියටත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee