slc
logo
Home   |    News
මැයි 15, 2026
බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන පිල ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරයක

sinhala editor

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු ඇත.

තරගාවලිය ජූනි මස 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් ආරම්භ වන අතර දෙවැනි තරගයද 15 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

එක්දින තරගාවලිය ජුනි 22 වනදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, දෙවන එක්දින තරගය ජුනි 24 වනදා එහිදීම පැවැත්වෙනු ඇත. තෙවන හා අවසන් එක්දින තරගය ජුනි 26 වනදා ඊට යාබද එන්.සී.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජුනි 08 – 11 – පළමු සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණය

ජුනි 15 – 18 – දෙවැනි සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

ජුනි 22 – පළමු එක්දින තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණය

ජුනි 24 – දෙවැනි එක්දින තරගය එස්. එස්. සී. ක්‍රීඩංගංණය

ජුනි 26 – තෙවැනි එක්දින තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee