slc
logo
Home   |    News
මැයි 19, 2026
මූල්‍ය අර්බුද වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධාරණය කරයි

sinhala editor

“පරිවර්තන කමිටුව“ පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “මූල්‍ය අර්බුදයක“ මුහුණ දී සිටින බවට ඇතැම් මාධ්‍ය මගින් පළ කර ඇති වාර්තා, සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුලු කිසිදු පදනමක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ, ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් තමන්ට හිමි බලතල ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් “පරිවර්තන කමිටුව” පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි.

එම පනතේ 32 වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව, අදාළ ක්‍රීඩා ආයතනයේ මූල්‍ය හා වත්කම් ඇතුළුව සියලුම කටයුතු, දේපළ සම්බන්ධ බලතල, පරිපාලන කාර්යයන්, කළමනාකරණය සහ පාලනය, ගරු අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව වෙත නීතිමය වශයෙන් පැවරේ.

ඒ අනුව, නිසි ලෙස පත් කරන ලද මෙම පරිවර්තන කමිටුවට, නව විධායක කමිටුවක් තෝරා පත් කර ගන්නා තෙක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම මූල්‍ය මෙහෙයුම් සහ ආයතනික බැඳීම් ඇතුළුව එහි සමස්ථ පරිපාලන කටයුතු කළමනාකරණය කිරීම සඳහා පූර්ණ බලය සහ නෛතික අධිකාරිය හිමිව ඇත.

අදාළ කමිටුව පත් කිරීම රජයේ ගැසට් පත්‍රය මගින්ද නිසි ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සියලුම පරිපාලන හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා එයට පූර්ණ නෛතික බලය හිමි වේ.

පරිවර්තන කමිටුව පත් කිරීමෙන් පසු මූල්‍ය අක්‍රමිකතා හෝ ආයතනික මෙහෙයුම් කඩාකප්පල් වී ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටින අතර, එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නැවත අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය දෛනික මූල්‍ය හා පරිපාලන කටයුතු ඇතුළුව එදිනෙදා සියලු මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින අතර, සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, සේවකයින්, ක්‍රීඩකයින් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට ගෙවීම් නියමිත වේලාවට සිදු කිරීමද එයට ඇතුළත් බවද මෙයින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Active filters

Recent Posts

  • ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති
    ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු […]
  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee