slc
logo
Home   |    News
මැයි 23, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව තේරීම් කමිටුව පත් කිරීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට අනුව මෙම පත්වීම් සිදුකර ඇති අතර, පෙර තේරීම් කමිටුව විසුරුවා හැරීමෙන් අනතුරුව නව කමිටුව මෙලෙස පත් කර ඇත.

නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත් කර ඇති අතර, අමල් සිල්වා මහතා, බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා, වරුණ වරාගොඩ මහතා සහ වැනෙසා ද සිල්වා මහත්මිය සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ඇත.

මෙම නව පත්වීම් 2026 මැයි 21 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

කපිල විජේගුණවර්ධන මහතා – සභාපති

අමල් සිල්වා මහතා – සාමාජික

බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා – සාමාජික

වරුණ වරාගොඩ මහතා – සාමාජික

වැනෙසා ද සිල්වා මහත්මිය – සාමාජික

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee