slc
logo
Home   |    News
මැයි 21, 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට අමාත්‍ය අනුමැතිය

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරීම් කමිටුව සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා අනුමැතිය ලබාදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 දින ඉදිරිපත් කළ නිර්දේශයකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය අංක 2437/24 යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නව කමිටුව පත්කර තිබේ.

නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කපිල විජේගුණවර්ධන මහතා පත්කර ඇති අතර, අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ යන මහත්වරුන් සහ සහ වැනෙසා ද සිල්වා මහත්මිය සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තේරීම් ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම මෙම නව පත්කිරීම්වල ප්‍රධාන අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය පෙන්වා දෙයි. තවද, ජාතික කණ්ඩායම් සඳහා සුදුසුම ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී වෘත්තීයමය ප්‍රවේශයක් සහ සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට මෙම කමිටුවට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee