slc
logo
Home   |    News
මැයි 25, 2026
කුසල් මෙන්ඩිස් එක්දින සහ විස්සයි-20 නායකත්වයට – කමිඳුට නව වගකීමක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකා සුදු පන්දුවේ කණ්ඩායම් දෙක වන එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර තිබෙන අතර, ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදිම ධනංජය ද සිල්වාට හිමිව තිබේ.

විශේෂත්වයක් ලෙස කමිඳු මෙන්ඩිස් සංචිත තුනටම ඇතුළත්ව සිටින අතර, ඔහු සියලු කණ්ඩායම්වල උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් වසර කීපයක්ම කටයුතු කරන ලද කමිදු මෙන්ඩිස්, ජාතික කණ්ඩායමක උප නායක ධුරයට පත්වන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක් වේ.

මෙම තරග සංචාරය ජුනි මස 03 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් ආරම්භ වන අතර, අනතුරුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය පැවැත්වේ. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම සිව් දින පුහුණු තරගයකටද සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩාය හෙට (මැයි මස 26)  වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතය.

T20I සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පවන් රත්නායක, කමිඳු මෙන්ඩිස් (උප නායක), දසුන් ශානක, මිලාන් රත්නායක, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර.

එක්දින සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් (උප නායක), මිලාන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්.

ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (නායක),  පැතුම් නිශ්ශංක, ලහිරු උදාර, නිශාන් මදුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස්(උප නායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රජිත.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee