ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ගවනර්ස් කුසලාන 2026 තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන අවසානයේ ඒ කාණ්ඩයේ පෙරමුණ හිමිකරගත් ලන්කන් ක්‍රීඩා සමාජය සහ දෙවැනි ස්ථානයට පත්වූ ඕල් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය ද, බී කාණ්ඩයේ පෙරමුණ ගත් සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ දෙවැනි ස්ථානයට පත්වූ සඳලංකා ක්‍රීඩා සමාජය ද අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.
අර්ධ අවසන් තරග 2026 ජූනි 02 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ අනුව ඒ කාණ්ඩයේ ශූර ලන්කන් ක්‍රීඩා සමාජය බී කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් සඳලංකා ක්‍රීඩා සමාජය සමඟ තරග වදිනු ඇත. එමෙන්ම බී කාණ්ඩයේ ශූර සැරසන්ස් ක්‍රීඩා සමාජය ඒ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ ඕල් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය සමඟ තරග වැදීමට නියමිතය.
මේ අතර, පහළ කාණ්ඩයට ඇදවැටීම තීරණය කෙරෙන (Relegation) තරගය ජූනි 5 වැනිදා පැවැත්වෙන අතර, ඒ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය සහ බී කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය එහිදී තරග වැදීමට නියමිතය.
අර්ධ අවසන් තරග 2 පිළිවළින් සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර පහළ කාණ්ඩ තීරණාත්මක තරගය සලාව යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කණ්ඩායම් 17 කගේ සහභාගිත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්විණ.
| ස්ථානය | කණ්ඩායම | M | W | L | T | N/R | ලකුණු | NRR |
| 1 | ලන්කන් | 8 | 7 | 1 | 0 | 0 | 14 | 1.373 |
| 2 | ඕල්ඩ් ධර්මපාලියන්ස් | 8 | 6 | 1 | 0 | 1 | 13 | 1.100 |
| 3 | අම්බලන්ගොඩ සිංහ | 8 | 6 | 2 | 0 | 0 | 12 | 1.236 |
| 4 | කැන්ඩි | 8 | 5 | 3 | 0 | 0 | 10 | 0.941 |
| 5 | කඳුකර | 8 | 3 | 3 | 0 | 2 | 8 | -0.492 |
| 6 | යුනිචෙලා | 8 | 2 | 5 | 0 | 1 | 5 | -0.817 |
| 7 | නාරම්මල | 8 | 2 | 6 | 0 | 0 | 4 | -0.926 |
| 8 | කැන්ඩි යූත් | 8 | 2 | 6 | 0 | 0 | 4 | -1.481 |
| 9 | හෙට්ටිපොල | 8 | 1 | 7 | 0 | 0 | 2 | -0.908 |
| ස්ථානය | කණ්ඩායම | M | W | L | T | N/R | ලකුණු | NRR |
| 1 | සැරසන්ස් | 7 | 4 | 1 | 0 | 2 | 10 | 1.172 |
| 2 | සඳලංකා | 7 | 4 | 1 | 0 | 2 | 10 | 0.939 |
| 3 | ගුවන් හමුදා | 7 | 5 | 2 | 0 | 0 | 10 | 0.834 |
| 4 | කෘසේඩර්ස් | 7 | 3 | 3 | 0 | 1 | 7 | -0.071 |
| 5 | කලුතර නාගරික | 7 | 2 | 4 | 0 | 1 | 5 | 0.326 |
| 6 | මැලේ | 7 | 2 | 4 | 0 | 1 | 5 | -0.365 |
| 7 | ඕල්ඩ් සහිරියන් | 7 | 2 | 4 | 0 | 1 | 5 | -0.866 |
| 8 | අඹේපුස්ස සිංහ | 7 | 1 | 4 | 0 | 2 | 4 | -1.299 |





