ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි.
එහිදී රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කළ ලහිරු අබේසිංහ, විරංග යෙශාන් සහ එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කළ යෙනුල දෙව්තුස ශතක ලාභීහු බවට පත්වූහ.
එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් රාගම කණ්ඩායම වෙනුවෙන් ලහිරු අබේසිංහ පන්දු 173කින් ලකුණු 101ක් ලබා ගනිමින් ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේය. ඔහුට අමතරව විරංග යෙශාන් පන්දු 161කින් නොදැවී ලකුණු 101ක් රැස් කළ කළේය. මෙම ශතක හේතුවෙන් රාගම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 385 ක් ලබා ගැනීමට සමත්විය.
ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් යෙනුල දෙව්තුස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 185කින් ලකුණු 139ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් කර තිබුණි.
පන්දු යැවීමේදී යුද හමුදා කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන පැතුම් විහඟ මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 67කට කඩුලු 7ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කමක් දැක්වීය. ඊට පිළිතුරු ලෙස මීගමුව කණ්ඩායමේ අමිත පෙරේරා ලකුණු 43කට කඩුලු 6ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීය.
- රාගම සහ එන්.සී.සී. අතර – එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම 385/9 (96.5) – (ලහිරු අබේසිංහ 101, සහන් කෞශල්‍ය 92, විරංග යෙශාන් 101*, තෙමිර කුමාරගේ 22, රනුක මලවිආරච්චි 84/4, ශක්ති උදාර 96/3)
එන්.සී.සී. පළමු ඉනිම 302/7 (62.0) – (යෙනුල දෙව්තුස 139, ජීවක සශීන් 74, රමිරු පෙරේරා 41, දිනෙත් ගුණවර්ධණ 24, කවීෂ ලියනාරච්චි 47/4, විදර්ශන විශ්මිත 60/2
- මීගමුව සහ යුද හමුදාව අතර – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව පළමු ඉනිම 160 (50.3) – (අශාන් සුදර්ශන 35, සුකිත දෙව්තිළිණ 33, ශෙනෙල් සමරතුංග 24,
හසිඳු දම්සිතු 57/3, අමිත පෙරේරා 43/6)
මීගමුව පළමු ඉනිම 210 (87.1) – (හංසජ හිරුණ 45, මොහොමඩ් මුර්ශාඩ් 28, තත්සර ඒශාන් 25, ශෆ්නි ඩීන් 32*, පැතුම් විහඟ 67/7)
Army SC – දෙවැනි ඉනිම 60/2 (10.0)
අශාන් සුදර්ශන නොදැවී 39
අමිත පෙරේරා 2/17
තරගයේ විසඳුමක් නොමැත. පළමු ඉනිමේ ජය – Negombo CC.



