slc
logo
Home   |    News
ජූනි 7, 2026
කොදෙව් නැගීඑන පිලට එරෙහි අභියෝගයට ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ සූදානම්

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සූදානමින් සිටින බව කණ්ඩායම් නායක දිනුර කලුපහන පවසයි. ජූනි 8 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු සිව්දින තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම තරගය ලබන 11 වැනිදා දින දක්වා වූ දින හතරේදී පැවැත්වෙනු ඇත.

තරගාවලියට පෙර කණ්ඩායම මාසයකට ආසන්න කාලයක් පුරා පුහුණුවීම්වල නිරත වූ බව පැවසූ දිනුර කලුපහන, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ අවස්ථාවලදී ගෘහස්ථ පුහුණුවීම්වල නිරත වීමට සිදුවූ නමුත් පුහුණුකරු මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ සාර්ථක සූදානමක් ලබා ගැනීමට හැකි වූ බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනුර කලුපහන, පාසල් ක්‍රිකට් පිටියේ සිට ජාතික තරුණ කණ්ඩායම් දක්වා වේගයෙන් ඉදිරියට පැමිණි දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. 2024 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වූ ඔහු, මේ වන විට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ නායකත්වය දරමින් ජාතික කණ්ඩායමට පිවිසීමේ දොරටුව අසල සිටින ක්‍රීඩකයකු ලෙස සැලකේ.

“අපි අන්තිම මාසයක් විතර තිස්සේ හොඳින් පුහුණුවීම් කළා. වැස්ස නිසා ගොඩක් වෙලාවට ඉන්ඩෝර් පුහුණුවීම් කරන්න වුණා. ඒත් පුහුණුකරු මණ්ඩලයත් එක්ක හොඳ සැලැස්මක් යටතේ වැඩ කළා. ඒ නිසා තරගාවලියට හොඳ සූදානමකින් ඉන්නවා කියලා මං හිතනවා“ යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරුණ දක්ෂතා රැසකින් සමන්විත වන අතර ජාතික වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් මෙන්ම ජාතික සුපර් ලීග් (NSL) තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ද සංචිතයට ඇතුළත් වී සිටිති. මෙම තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට පිවිසීමේ මාර්ගයක් විවෘත කරන වැදගත් අවස්ථාවක් බව ද නායකයා සඳහන් කළේය.

“අන්ඩර් 19 ඉඳලා ඊළඟ පියවර තමයි ඉමර්ජින් මට්ටම. මෙතන ඉන්න ගොඩක් ක්‍රීඩකයෝ NSL වල හොඳින් ක්‍රීඩා කරපු අය. ඒ වගේම මගේත් එක්ක අන්ඩර් 19 ක්‍රීඩා කරපු අයත් ඉන්නවා. එයාලට මේක හොඳ අවස්ථාවක් තමන්ගේ දක්ෂතා පෙන්වලා ඊළඟ මට්ටමට යන්න“ යැයි දිනුර කලුපහන පැවසීය.

කොදෙව් නැගීඑන කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම සංචිතයද ප්‍රබල එකක් බවයි. ලෝක කුසලාන මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් මෙන්ම වයසින් සහ අත්දැකීම්වලින් වැඩි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද ඔවුන් සතුව සිටින බව ඔහු පෙන්වා දුන්නේය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමද දක්ෂතා සහිත ක්‍රීඩකයන්ගෙන් සමන්විත බැවින් තරගකාරී ක්‍රිකට් රසිකයන්ට දැකගත හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා නැගීඑන සංචිතය ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි වේග පන්දු යවන්නන් පස් දෙනෙකු, දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු සහ පිතිකරුවන් හය දෙනෙකු ඇතුළත් වේ. කණ්ඩායමේ සමබරතාවය සහ පුහුණුවීම්වලදී ලබාගත් සූදානම මත කොදෙව් කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා නායකයා විශ්වාසය පළ කළේය.

මෙම තරගාවලිය ජයග්‍රහණය සඳහා පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ හැකියාවන් ඇගයීමටද වැදගත් වේදිකාවක් වනු ඇත. ජාතික කණ්ඩායමට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩකයන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙම තරගාවලිය සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ.

ශ්‍රී ලංකා නැගීඑන සිව්දින සංචිතය:- දිනුර කළුපහන (නායක), සාරුජන් ෂන්මුගනාදන් (උප නායක), පුළිඳු පෙරේරා, රවිඳු රසාන්ත, අසිත වන්නිනායක, සහන් කෝසල, අංජල බණ්ඩාර, තරින්ද නිර්මාල්, ශක්ති උදාර, චමෝද් බට්ටගේ, මිහිරංග සිල්වා, නිසල අබේරත්න, රවීන් ද සිල්වා, අක්මාල් ෆස්ලි, චාමික හීනටිගල.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – රිවාල්ඩෝ ක්ලාක්(නායක), ජියෝවොන්ටෙ ඩිපෙයිසා, රනීකෝ ස්මිත්, ඩැමෙල් එව්ලින්, ශක්කේරේ පැරිස්, අමාරි ගුඩ්රිජ්, ජොහාන් ලයින්, ජෙඩියා බ්ලේඩ්ස්, නේතන් එඩ්වඩ්, සිෂාන් මෝටාරා, මාවේන්ද්‍ර දින්දියල්, රයන් බන්ඩු, කෙල්වින් පිටමන්, බිකේ ජෝසප්, කෙව්ලන් ඇන්ඩර්සන්, ජොහාන් ජෙරමියා

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar