බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්රීමත් විවියන් රිචර්ඩ්ස් ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී ශ්රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයකට ලක්ව ක්රීඩා පිටියෙන් ඉවත්ව ගියේය.
දෙවැනි පන්දුවාරය යැවීම සඳහා දිව ආ අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ කලවය ආශ්රිත මාංශපේශී තදබදයක් ඇතිවූ බව වාර්තා වේ.
ඉන් අනතුරුව ඔහු වහාම කණ්ඩායම් භෞතික චිකිත්සකවරයා විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, තත්ත්වය තවදුරටත් නිවැරදිව තක්සේරු කිරීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
ඔහුගේ ආබාධයේ ස්වභාවය හා බරපතළභාවය අනුව තරගයට නැවත එක්විය හැකිද යන්න පිළිබඳ අවසන් තීරණය MRI වාර්තාවෙන් පසුව ගනු ඇත.





