ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
තරගාවලිය ජූලි 04 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වේ. දෙවැනි එක්දින තරගය ජූලි 06 වැනිදාත්, තෙවැනි එක්දින තරගය ජූලි 09 වැනිදාත් එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
එක්දින තරගාවලියෙන් අනතුරුව දෙපිළ සිව්දින තරග දෙකකට ක්‍රීඩා කරන අතර පළමු සිව්දින තරගය ජූලි 13 සිට 16 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් දෙවැනි සහ අවසන් සිව්දින තරගය ජූලි 20 සිට 23 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙනු ඇත.
ලෝක කනිෂ්ඨ ක්‍රිකට් පිටියේ ඉදිරි තරු බිහිකරන වේදිකාවක් ලෙස සැලකෙන මෙම තරගාවලිය, දෙරටේම නැගී එන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත. විශේෂයෙන්ම ඉදිරි වයස අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර තරගාවලි සහ ජාතික කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමේදී මෙම සංචාරයට විශේෂ වැදගත්කමක් හිමිව තිබේ.
තරග කාලසටහන
ජූලි 04 – පළමු එක්දින තරගය හම්බන්තොටදී
ජූලි 06 – දෙවැනි එක්දින තරගය හම්බන්තොටදී
ජූලි 09 – තෙවැනි එක්දින තරගය හම්බන්තොටදී
ජූලි 13–16 – පළමු සිව්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ජූලි 20–23 – දෙවැනි සිව්දින තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ



