slc
logo
Home   |    News
ජූනි 28, 2026
‘ඒ‘ කණ්ඩායම් අතර පළමු සිව්දින තරගය විසඳුමෙන් තොරයි

sinhala editor

දිලුම් සුදීරගේ කඩුලු පහේ දස්කම හමුවේ ඉන්දීය ‘ඒ‘ දෙවැනි ඉනිම ලකුණු 189කට සීමා වුවද, ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘පිලට ජයග්‍රහණය කරා යෑමට ප්‍රමාණවත් කාලයක් නොලැබීම හේතුවෙන් ගාල්ලේ පැවති පළමු නිල නොලත් සිව්දින ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (28 දා) පස්වරුවේදී අවසන් විය. ඩෙව්දත් පඩික්කල් ඉන්දීය දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 67ක් රැස් කළ අතර, දිලුම් සුදීර ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ කැපී පෙනෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය.

අවසන් දිනය ආරම්භ කරන විට කඩුලු නොදැවී ලකුණු 48ක් ලබා සිටි ඉන්දීය ‘ඒ‘ කණ්ඩායමට ලකුණු 170ක වාසියක් හිමිව තිබූ අතර තෙවැනි දිනයේදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ සායි සුදර්ශන් යළි පිතිකරණයට නොපැමිණියේය. ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ඩෙව්දත් පඩික්කල් සහ ආයුෂ් පාන්ඩේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූහ.

ලකුණු 38ක් ලබා සිටි පාන්ඩේ දවා ගනිමින් දිලුම් සුදීර සිය පළමු කඩුල්ල දවාගත් අතර ඉන් පන්දු දෙකකට පසුව රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 1කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

වමතින් දඟ පන්දු යවන දිලුම් සුධීර පළමුව කරන්දෙණිය මැදි මහ විදුහලින් සහ පසුව ගාල්ල රිච්මන්ඩි විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූවේය. වයස අවුරුදු 19න් පහළ, නැගීඑන කණ්ඩායම හරහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා සිටින දිලුම් සුධීර දෙවැනි ඉනිමේ දවාගත් කඩුලු 5 ද සමග ඉන්දියාවට එරෙහි සමස්ථ තරගයේදී ලකුණු 192 කට කඩුලු 7 ක් දවා ගැනීමට සමත්විය.

දේශීය තරග පිටියේද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් සුධීර ඉකුත්දා නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට සහ ගාල්ලේදී පැවැති සිව්දින තරග දෙකේදීද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වූවේය. ඔහු එහි දෙවැනි තරගයේ පළමු ඉනිමේ කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4 ක් වශයෛන් සමස්ථ තරගයේදී ලකුණු 146 කට කඩුලු 10 ක් සහ එම තරගාවලියේදී කඩුලු 11 ක් දවා ගනිමින් පන්දු යවන්නකු ලෙස කැපී පෙනුණේය.

හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් රැස් කළ පඩික්කාල්ගේ ඉනිම නිම කිරීමට සුදීර සමත් වූ අතර ඉන් අනතුරුව පිට පිට පන්දුවාර දෙකකදී නායක ධෘව් ජුරේල් (14) ද දවාගනිමින් ඉන්දීය පිලට දැඩි පීඩනයක් එල්ල කළේය.

අනතුරුව ශෙයික් රෂීඩ් සහ හර්ෂ් ඩුබේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගුවද ඩුබේ (29) චාමික ගුණසේකරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සුදීර, ශෙයික් රෂීඩ් (20), සරන්ෂ් ජේන් (2) සහ අව්කිබ් නබි (0) දවා ගනිමින් සිය පළමු කඩුලු පහේ දස්කම වාර්තා කළේය. ඒ වන විට ඉන්දීය A කණ්ඩායම ලකුණු 311ක වාසියක් ලබා සිටි බැවින් ඔවුන් සිය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 189කට ප්‍රකාශයට පත් කළහ.

ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A පිලට පවන්ත වීරසිංහ සහ නිරෝෂන් දික්වැල්ල වේගවත් ආරම්භයක් ලබා දුන්නද, පස්වැනි පන්දුවාරයේදී අව්කිබ් නබි හමුවේ ලකුණු 20ක් ලබා සිටි පවන්ත දැවී ගියේය. ඉන් අනතුරුව හර්ෂ් ඩුබේගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 9කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමත් සමඟ ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලෙස අසීරු තත්ත්වයකට පත්විය.

එහෙත් නුවනිඳු ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර සංයමයෙන් පිතිහරඹයේ නිරත වෙමින් ඉතිරි පන්දුවාර සාර්ථකව නිමා කළහ. නුවනිඳු නොදැවී ලකුණු 16ක් ද, අශේන් නොදැවී ලකුණු 18ක් ද රැස් කළ අතර ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 70ක් ලබා සිටියදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.එ

ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 111.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 452 යි – (සායි සුදර්ශන් 132, ආයුෂ් පාණ්ඩේ 25, දෙව්දත් පඩික්කාල් 12, රුටුරාජ් ගයික්වාඩ් 22, ධෘව් ජුරෙල් 141*, ශයික් රශීඩ් 63, හර්ෂ් ඩුබේ 30, සර්නාෂි ජේන් 03*, චාමික ගුණසේකර 84/3, දිලුම් සුදීර 143/2, රවිඳු ප්‍රනාන්දු 87/1)

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 101.4 කදී සියලු දෙනා දැවී ලකුණු 330 යි – (නුවනිඳු ප්‍රනාන්දු 84, අෂේන් බණ්ඩාර 70, අංජල බණ්ඩාර 15, රවිඳු ප්‍රනාන්දු 22, කවිඳුු පතිරත්න 03, චාමික ගුණසේකර 15, දිලුම් සුදීර 08*, දුලාජ් සමුදිත 00, නිරෝෂන් දික්වැල්ල 10, පවන්ත වීරසිංහ 11, ආකිබ් ලබී 58/4, යෂ් ඨාකූර් 51/2, හර්ෂ් ඩුබේ 84/2, සර්නාෂ් ජේන් 83/1, අංෂුල් කාම්බෝජ් 43/1)

ඉන්දීය දෙවැනි ඉනිම පන්දුවාර 57 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 189 යි – (ආයුෂ් පාන්ඩේ 38, සායි සුදර්ශන් 07, දෙව්දත් පඩික්කාල් 67, රුටුරාජ් ගයික්වාඩ් 01, ධෘව් ජුරෙල් 14, ශයික් රශීඩ් 20, හර්ෂ් ඩුබේ 29, සරන්ෂ් ජේන් 02, අංෂුල් කාම්බෝජ් 01,අකීබ් නාබී 00*, දිලුම් සුදීර 49/5, චාමික ගුණසේකර 27/1, රවිඳු ප්‍රනාන්දු 64/1)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 70 යි – (පවන්ත වීරසිංහ 20, නිරෝෂන් දික්වැල්ල 09, නුවනිඳු ප්‍රනාන්දු 16*, අෂේන් බණ්ඩාර 18*, ආයුකීබ් නබී 18/1, හර්ෂ් ඩුබේ 25/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee