slc
logo
Home   |    News
ජූනි 22, 2026
පළමු තරගයෙන් ශ්‍රී ලංකා බාලිකාවෝ පරදිති

sinhala editor

ඉන්දියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අතර අද (22) චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ 1-0ක පෙරමුණ හිමිකර ගැනීමට ද ඉන්දීය බාලිකාවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 77ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේදී ආරම්භක පිතිකාරිණී විමෝක්ෂා බාලසූරිය ලකුණු 24ක් සහ මනුදි නානායක්කාර ලකුණු 28ක් රැස් කරමින් සටන්කාමී ඉනිම් ක්‍රීඩා කළද, සෙසු පිතිකාරිණියන්ට ඉන්දීය පන්දු යවන්නියන් හමුවේ සාර්ථක වීමට නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ලකුණු සංඛ්‍යාව ඉක්මවා යාමට සමත් වූ අනෙක් එකම පිතිකාරිණිය වූයේ අංක 3 පිතිකාරිණී උමයංගනා පීරිස් වන අතර ඇය ලකුණු 12ක් රැස් කළාය. ඉන්දීය පන්දු යැවීමේ ප්‍රබලත්වය හමුවේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගෙන් කිසිවෙකුටත් ලකුණු 30 සීමාව කරා ළඟා වීමට අවස්ථාවක් නොලැබුණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නීදී මෙහෙතෝ විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 5ක් පමණක් ලබාදී කඩුලු 3ක් දවා ගත් අතර, අනාදි ටජ් සහ කුමාරි පලක් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ඉන්දීය ඉනිමේ ආරම්භයේදී පළමු කඩුලු 2ම ලකුණු 26ක් ඇතුළත දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වූවත්, ඉන් අනතුරුව තරගයේ ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළේ නීදී මෙහෙතෝ සහ භාවිකා අහිරේ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ දැවැන්ත සම්බන්ධතාවයයි. ඔවුන් දෙදෙනා පන්දු 83කදී ලකුණු 128ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉන්දීය ඉනිම ශක්තිමත් තත්ත්වයකට රැගෙන ගියහ.

එහිදී නීදී මෙහෙතෝ පන්දු 44කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟ ලකුණු 59ක් රැස් කළ අතර, භාවිකා අහිරේ පන්දු 47කදී හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමඟ ලකුණු 73ක දීප්තිමත් ඉනිමක් වාර්තා කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී චමෝදි හේරත් සහ ප්‍රමුදි මෙත්සරා කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉන්දීය අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 170 යි  – (නිදී මහටෝ 59, භාවිකා අහිරේ 73, ටනිශ්කා ෂර්මා 16, ඉරා ජාධව් 10, චමෝදි හේරත් 20/2, ප්‍රමුදි මෙත්සරා 23/2, චමුදි ප්‍ර බෝධා 34/1)

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 77 යි – (විමෝක්ෂා බාලසූරිය 24, උමයංගනා පීරිස් 12, මනුදි නානායක්කාර 28, නිදී මහටෝ 05/3, කුමාරි පලක් 07/2, අනාදි ටජ් 12/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee