slc
logo
Home   |    News
ජූනි 27, 2026
ඉන්දීය ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය ජය ගනිති

sinhala editor

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (27) පැවැති තෙවැනි නිල නොවන විස්සයි20 තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ තරග තුනකින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස සම්පූර්ණයෙන්ම ජය ගැනීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 116ක් රැස් කළහ. එහිදී නෙත්මි උපේක්ෂා පන්දු 60කින් හතරේ පහර 5ක් සමග නොදැවී ලකුණු 51ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූවාය. සංජනා කාවින්දි පන්දු 11කින් වේගවත් ලකුණු 17ක් ලබා දුන් අතර, දනෝද්‍යා සෙව්මිණි ලකුණු 20ක් එක් කළාය. කෙසේ වෙතත් සෙසු පිතිකාරිනියන්ට සාර්ථක ආරම්භයන් ඉදිරියට ගෙන යාමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිමට අතිරේක ලකුණු 18ක් හිමිවීමද කැපී පෙනුණි.

ඉන්දීය පන්දු යවන්නියන් අතර අනාදි ටග්ඩේ සහ කාෂ්වි කන්ඩිකුප්පා කඩුලු දෙක බැගින් දවා ගත් අතර, මහක් නර්වාසේ සහ පූර්වා සිවාච් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.4කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 120ක් ලබා ජය තහවුරු කළහ. නායිකා භාවිකා අහිරේ පන්දු 48කින් හතරේ පහර 5ක් සමග ලකුණු 50ක් රැස් කළ අතර, ඉරා ජාදව් නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් ජයග්‍රහණය දක්වා ඉනිම මෙහෙයවූවාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දනෝද්‍යා සෙව්මිණි සහ අසේනි තලගුණේ එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම ගෞරවාන්විත මට්ටමකට රැගෙන ගිය නොදැවී අර්ධ ශතකයක් වාර්තා කළ නෙත්මි උපේක්ෂා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානය දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඉන්දීය නායිකා භාවිකා අහිරේ (ලකුණු 129) සම්මානයට පාත්‍ර වූවාය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 ක් අවසනදී කඩුලු 7 ට ලකුණු  116 යි – (නෙත්මි උපේක්ෂා 51*, දනෝද්‍යා සෙව්මිණි 20, සංජනා කාවින්දි 17, ආනාඩි ටාග්ඩේ 24/2, කාශ්වි කන්ඩිකුප්පා 16/2, මහක් නර්වාසේ 22/1, පූර්වා සිවාච් 14/1)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 118.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 120 යි (භාවිකා අහිරේ 50, ඉරා ජාධව් 27*, ඊෂ්වරි අවසාරේ 21, දනෝද්‍යා සෙව්මිණි 15/1, අසේනි තලගුණේ 22/1)

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee