slc
logo
Home   |    News
ජූනි 10, 2026
ලකුණු 46ට කඩුලු 4ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා නැගීඑන ඉනිම අංජල යළි ගොඩගනියි

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය (ජුනි 10 දා) අවසන් වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ලකුණු 148 කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියේය.

පළමු ඉනිමේදී විශිෂ්ට ශතකයක් වාර්තා කළ අංජල බණ්ඩාර දෙවැනි ඉනිමේදී ද නොදැවී අර්ධ ශතකයක් රැස් කරමින් කණ්ඩායමට ශක්තිමත් පදනමක් සකස් කළේය. ලකුණු 46කට කඩුලු 4ක් බිඳ වැටී අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වගකීම භාරගත් ඔහ, දිනය අවසන් වන විට පන්දු 122කින් හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 57ක් රැස් කර තිබිණි.

දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු 4 ලකුණු 46ක් තුළ බිඳ වැටුණ ද අංජල බණ්ඩාර සහ පුලිඳු පෙරේරාගේ නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 173ක් දක්වා ඉදිරියට යාමට හැකි විය.

ඔහුට අනගි සහායක් ලබාදුන් පුලිඳු පෙරේරා පන්දු 64කින් හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා සිටි අතර, දෙදෙනා අතර 6 වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනැගී තිබේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 356ක් රැස් කළ අතර එහිදී අංජල බණ්ඩාර ලකුණු 163ක් රැස් කරමින් කැපී පෙනුණි. ඊට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම ලකුණු 381ක් ලබා ගනිමින් ලකුණු 25ක පළමු ඉනිම් වාසියක් හිමිකර ගත්තේය.

තෙවැනි දිනය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 273ක් ලබා සිටි සංචාරක පිල වෙනුවෙන් නායක රිවල්ඩෝ ක්ලාක් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 218කින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 127ක් රැස් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් කඩුලු ඉක්මනින් දවා ගනිමින් කොදෙව් ඉනිම ලකුණු 381කට සීමා කළහ. වමතින් දඟ පන්දු යැවූ ශක්ති උදාර ලකුණු 102කට කඩුලු 6ක් බිඳ දමමින් තරගයේ කැපී පෙනෙන පන්දු යැවීම වාර්තා කළේය. නිසල අබේරත්න සහ චමෝද් බට්ටගේ කඩුලු දෙක බැගින් දවා ගත්හ.

හෙට (11 දා) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 90.2 කදී සියලු දෙනා දැවී ලකුණු 356 යි – (අසිත වන්නිනායක 41, ශාරුජන් ශන්මුගනාදන් 25, අංජල බණ්ඩාර 163, නිසල අබේරත්න 48, ජෝන් ලියන් 68/3, රයන් බන්ඩූ 45/3, ජේඩියා බ්ලේඩ්ස් 83/2)

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 103.4 කදී සියලු දෙනා දැවී ලකුණු 381 යි – (ඩමෙල් එව්ලින් 35, මවේන්ද්‍ර දින්ද්‍යාල් 60, ශක්රේ පැරිස් 55, රිවාල්ඩෝ ක්ලාර්ක් 127, ජෝන් ලේන් 35,  ශක්ති උදාර 102/6, නිසල අබේරත්න 76/2, චමොද් බට්ටගේ 65/2)

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 173 යි – (අංජල බණ්ඩාර 57, පුලිඳු පෙරේරා 50*, අසිත වන්නිනායක 14, දිනුර කලුපහන 25, රවිදු රසාන්ත 02, සහන් කෝසල 01, ශාරුජන් ශන්මුගනාතන් 11, ජෝන් ලියෙන් 34/3, ජේඩියා බ්ලේඩ්ස් 21/1, රයන් බන්ඩූ 39/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee