slc
logo
Home   |    News
ජූනි 27, 2026
වේග පන්දු බලය අඩාල වෙයි – ළහිරු කුමාර ක්‍රීඩා පිටියෙන් ඉවතට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ළහිරු කුමාර ආබාධයකට ලක්ව ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියේය.

දෙවැනි පන්දුවාරය යැවීම සඳහා දිව ආ අවස්ථාවේදී ඔහුගේ දකුණු පාදයේ කලවය ආශ්‍රිත මාංශපේශී තදබදයක් ඇතිවූ බව වාර්තා වේ.

ඉන් අනතුරුව ඔහු වහාම කණ්ඩායම් භෞතික චිකිත්සකවරයා විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර, තත්ත්වය තවදුරටත් නිවැරදිව තක්සේරු කිරීම සඳහා MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

ඔහුගේ ආබාධයේ ස්වභාවය හා බරපතළභාවය අනුව තරගයට නැවත එක්විය හැකිද යන්න පිළිබඳ අවසන් තීරණය MRI වාර්තාවෙන් පසුව ගනු ඇත.

Active filters

Recent Posts

  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee