slc
logo
Home   |    News
ජූනි 4, 2026
ශ්‍රී ලංකා නැගීඑන සංචිත ප්‍රකාශයට පත් කෙරේ

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් නැගීඑන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත නිල නොවන සිව්දින හා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. එම සංචිත සඳහා යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ද හිමිව ඇත.

මෙම තරගාවලිය යටතේ නිල නොවන සිව්දින තරග දෙකක් සහ එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය ජුනි 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු සිව්දින තරගය ජුනි 8 සිට 11 දක්වා පැවැත්වෙන අතර, දෙවැනි සිව්දින තරගය ජුනි 15 සිට 18 දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

එක්දින තරගාවලිය ජුනි 22 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, දෙවැනි තරගය ජුනි 24 වැනිදා එහිදීම පැවැත්වීමට නියමිතය. තෙවැනි සහ අවසන් එක්දින තරගය ජුනි 26 වැනිදා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එක්දින සංචිතයේ නායකත්වය නිපුන් ධනංජයට හිමිව ඇති අතර, උප නායකයා ලෙස සිනෙත් ජයවර්ධන කටයුතු කරනු ඇත. සිව්දින සංචිතයේ නායකයා ලෙස දිනුර කළුපහන නම් කර ඇති අතර, උප නායකත්වය සරුජන් ෂන්මුගනාදන්ට පවරා තිබේ.

ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමට සහ ඉදිරි ජාතික කණ්ඩායම් තේරීම් සඳහා තරුණ ක්‍රීඩකයින්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙම තරගාවලිය වැදගත් අවස්ථාවක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.

එක්දින සංචිතය:- නිපුන් ධනංජය (නායක), සිනෙත් ජයවර්ධන (උප නායක), පුළිඳු පෙරේරා, විශේන් හැළඹගේ, සාරුජන් ෂන්මුගනාදන්, කවීජ ගමගේ, දිනුර කළුපහන, චාමික හීනටිගල, ට්‍රෙවීන් මැතිව්, මිහිරංග සිල්වා, කුගදාස් මාතුලන්, ඉනුක කරන්නාගොඩ, අක්මාල් ෆස්ලි, රනේෂ් සිල්වා, රවීන් ද සිල්වා.

සිව්දින සංචිතය:- දිනුර කළුපහන (නායක), සාරුජන් ෂන්මුගනාදන් (උප නායක), පුළිඳු පෙරේරා, රවිඳු රසාන්ත, අසිත වන්නිනායක, සහන් කෝසල, අංජල බණ්ඩාර, තරින්ද නිර්මාල්, ශක්ති උදාර, චමෝද් බට්ටගේ, මිහිරංග සිල්වා, නිසල අබේරත්න, රවීන් ද සිල්වා, අක්මාල් ෆස්ලි, චාමික හීනටිගල.

තරග කාලසටහන

ජුනි 08 – 11 – පළමු සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

ජුනි 15 – 18 – දෙවැනි සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

ජුනි 22 – පළමු එක්දින තරගය එස්. එස්. සී. ක්‍රීඩාංගණය

ජුනි 24 – දෙවැනි එක්දින තරගය එස්. එස්. සී. ක්‍රීඩංගංණය

ජුනි 26 – තෙවැනි එක්දින තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණය

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee