slc
logo
Home   |    News
ජූනි 10, 2026
හංසිමා – හර්ෂිතා සුපිරි සම්බන්ධතාවයෙන් දෙවැනි පුහුණු තරගයේ ජයත් ශ්‍රී ලංකාවට

sinhala editor

හංසිමා කරුණාරත්න සහ හර්ෂිතා සමරවික්‍රම අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක විශිෂ්ට සම්බන්ධතාවය හේතුවෙන් නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන සිය දෙවැනි පුහුණු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූයේය.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කළද, ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවසන් පන්දුවාර කිහිපයේදී දැක්වූ කැපී පෙනෙන පන්දු යැවීම හේතුවෙන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඔවුන්ට අවස්ථාව අහිමි විය. විශේෂයෙන් අවසන් කඩුලු හතර ලකුණු 11ක් තුළ දවා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන දස්කමක් විය.

ලකුණු 144ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට මුල් කඩුලු කිහිපයක් අහිමි වුවද, කණ්ඩායම අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ නොදී වගකීම භාරගත් හර්ෂිතා සමරවික්‍රම සහ හංසිමා කරුණාරත්න නෙදර්ලන්ත පන්දු යවන්නියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්හ.

නායිකා චමරි අතපත්තු පන්දුවට පහර දීමට නොපැමිණි අතර කණ්ඩායම මෙහෙයවූ හර්ෂිතා සමරවික්‍රම නායකත්වයේත් පිතිකරණයේත් පරිණතභාවය පෙන්නුම් කරමින් නොදැවී ලකුණු 36ක් රැස් කළාය. අනෙක් අන්තයෙන් අතිවිශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 54ක් රැස් කරමින් ජයග්‍රහණයේ ප්‍රධාන නිර්මාණ ශිල්පිනිය බවට පත්වූවාය.

මෙම දෙපළ අතර ගොඩනැගුණු නොබිඳුණු ලකුණු 81ක සම්බන්ධතාවය තරගයේ තීරණාත්මක සාධකය වූ අතර, ශ්‍රී ලංකාවට පන්දු 5 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබිණ.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට වඩා නෙදර්ලන්තය ස්ථාන 08 ක් හෙවත් 14 වැනි ස්ථානයේ පසුවන නමුත්, කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා ද මෙම ජයග්‍රහණය කණ්ඩායමේ ආත්මවිශ්වාසය ඉහළ නැංවීමට සෘජුවම ඉවහල් වනු ඇත.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිලට එරෙහිව සිය පළමු පුහුණු තරගයට ක්‍රීඩා කළ අතර එම තරගයෙන්ද කඩුලු 9 ක විශිෂ්ඨ ජයක්  වාර්තා කිරීමට සමත් වූවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජූනි 12 වැනිදා සත්කාරක එංගලන්තයට එරෙහිව තරගාවලියේ ආරම්භක තරගයට එක්වීමට නියමිතය.

නෙදර්ලන්තය පන්දුවාර 20 ක් අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු 143 යි – (හීතර් සීගර්ස් 48, පේබ් මොල්කෙන්බර් 16, ස්ටෙර් කලිස් 45, බබාටේ ද ලීඩ් 26, කවීෂා දිල්හාරි 13/1, සුගන්ධිකා කුමාරි 26/1, මල්කි මදාරා 12/1)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 146 යි – (හංසිමා කරුණාරත්න 54*, හර්ෂිතා සමරවික්‍රම 36, හසිනි පෙරේරා 31, විශ්මි ගුණරත්න 18, වැන් ඩන් රාඩ් 15/1, ෆ්‍රීඩර්කි ඔවර්ජික් 29/1, ඉරිස් ස්වෙලිං 30/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee