slc
logo
Home   |    News
ජූනි 7, 2026
චමරිගේ ප්‍රහාරාත්මක ඉනිමත් විශ්මිගේ ස්ථාවර පිතිහරඹයත් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් ගෙනෙයි

sinhala editor

නායිකා චමරි අතපත්තුගේ අගනා ලකුණු 94ක ඉනිමත්, විශ්මි ගුණරත්නගේ නොදැවී ලකුණු 63ක දක්ෂ පිතිහරඹයත් හේතුවෙන් 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පළමු පුහුණු තරගයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එංගලන්තයේ ඩර්බි නුවරදී ජූනි 6 වැනිදා පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය ශක්තිය පැහැදිලිව ප්‍රදර්ශනය කළහ.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායිකා ෆාතිමා සනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් රැස් කළහ. පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මුනීබා අලි සහ ගුල් ෆෙරෝසා පළමු කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගූහ. මුනීබා අලි ලකුණු 36ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 26ක් ලබාගත් අතර, නායිකා ෆාතිමා සනා පන්දු 26කින් ලකුණු 37ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළාය. අලියා රියාස් ද ලකුණු 22ක් ලබා කණ්ඩායමට සහාය දැක්වූවාය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී චේතනා විමුක්ති විශිෂ්ට දස්කම් දක්වමින් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තාය. නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගනිමින් ඇයට සහාය දැක්වූහ.

ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්නගේ පාලනයට නතු විය. දෙදෙනාම පාකිස්තාන පන්දු යවන්නියන්ට කිසිදු ඉඩක් නොතබා පළමු කඩුල්ල සඳහා ලකුණු 159ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගූහ. ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ චමරි අතපත්තු පන්දු 58කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 94ක් රැස් කළාය. අනෙක් අන්තයේ ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න පන්දු 50කින් නොදැවී ලකුණු 63ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය.

චමරි දැවී යන විට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ඉතා ආසන්නව තිබූ අතර, ඉන් අනතුරුව හර්ෂිතා සමරවික්‍රම සමඟ එක් වූ විශ්මි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් ලබා තරගය ජයග්‍රහණය කළේය.

මෙම ජයග්‍රහණය ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ විශ්වාසය ඉහළ නංවන ප්‍රබල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි අතර විශේෂයෙන්ම චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න දැක්වූ පිතිහරඹය ඉදිරි තරග සඳහා සුබ ලකුණක් වී තිබේ.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8ක් දැවී ලකුණු 168 යි – (මුනීබා අලී 36, ගුල් ෆෙරෝසා 26, ෆාතිමා සනා 37, අලියා රියාස් 22, චේතනා විමුක්ති 31/4)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 169 යි – (විශ්මි ගුණරත්න 63*, චමරි අතපත්තු 94)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee