slc
logo
Home   |    News
ජූනි 30, 2026
මනුදිගේ සටන්කාමී ඉනිම අපතේ යයි – ඉන්දීය යෞවනියෝ එක්දින තරගාවලියේත් පෙරමුණ ගනිති

sinhala editor

ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා මනුදි නානායක්කාර නැවතත් පිත්තෙන් දස්කම් අතරට පැමිණියද තමිල්නාඩු ප්‍රාන්තයේ පුඩුචේරි නුවරදී අද (30 වැනිදා) පැවැති ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟ පැවැති පළමු නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායමට  පරාජයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් නොවීය. ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවෝ ලකුණු 120ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරග තුනකින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ හිමිකර ගත්හ.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිල පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 279ක් රැස් කළේ ආරම්භක පිතිකාරිණී අයිරා ජාධව්ගේ ලකුණු 83ක විශිෂ්ට ඉනිම හේතුවෙනි. ඇයට අමතරව නිධි මාතෝ ලකුණු 54ක් සහ නායිකා භාවිකා අහිරේ ලකුණු 42ක් ලබා දෙමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර චමෝදි හේරත් කඩුලු 3ක් දවාගනිමින් කැපී පෙනුණු අතර චමුදි ප්‍රබෝධා කඩුලු 2ක් දවාගත්තාය. දනෝද්‍යා සෙව්මිණි සහ ප්‍රමුදි මෙත්සරා එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ලකුණු 280ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිලට පන්දුවාර 48.5කදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 159ක් පමණි. එහිදී මැදපෙළ පිතිකාරිණී මනුදි නානායක්කාර සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 79කින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 47ක් රැස් කළාය. කෙසේ වෙතත් අර්ධ ශතකයට ලකුණු 3ක් තිබියදී ඇය දැවී යෑම ශ්‍රී ලංකා ඉනිමට දැඩි බලපෑමක් විය.

මනුදිට හොඳ සහායක් ලබා දුන් ලිමන්සා තිලකරත්න  පන්දු 52කින් ලකුණු 30ක් රැස් කළ කළාය. සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.

ඉන්දීය පන්දු යවන්නියන් අතර මහක් නර්වාසේ ලකුණු 12කට කඩුලු 2ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ජන්හාවි විර්කාර් සහ වී.එච්. පර්මාර් ද කඩුලු 2 බැගින් දවාගත්හ.

පිත්තෙන් ලකුණු 83ක් රැස් කරමින් ඉන්දීය ජයග්‍රහණයේ මූලිකත්වය ගත් අයිරා ජාධව් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.

ඉන්දීය යොවුන් බාලිකා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 279 යි – (අයිරා ජාදව් 83, දීයා යාදව් 16, පූර්වා සීවච් 29, නිදී මාතෝ 54, වී. ප්‍රතික්‍ෂා 21, භාවිකා අහිරේ 42, වී.එච්. පාමර් 15, චමුදි ප්‍රබෝධා 58/2, චමෝදි හේරත් 51/3)

ශ්‍රී ලංකා යොවුන් බාළිකා කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 159 යි – (විමෝක්‍ෂා බාලසූරිය 18, ලිමන්සා තිලකරත්න 30, මනුදි නානායක්කාර 47, ධනෝද්‍යා සෙව්මිණි 13, ප්‍රමුදි මෙත්සරා 13, චමුදි ප්‍රබෝධා 11, ජන්හාවි විර්කර් 40/2, මහාක් නර්වේස් 12/2, වි.එච්. පාමර් 29/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee