slc
logo
Home   |    News
ජූනි 16, 2026
සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ඉන්දියාව පරදවති

sinhala editor

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා A කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී සුපිරි පන්දුවාරයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය නියමිත පන්දුවාර 50 අවසානයේ දෙපිලම ලකුණු 265 බැගින් ලබා ගැනීම හේතුවෙන් සුපිරි පන්දුවාරයකට යොමු විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A නායක සහන් ආරච්චිගේගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා A කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළේය. ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය වූයේ සූර්යන්ෂ් ෂෙඩ්ගේ සහ විප්රාජ් නිගම් අතර ගොඩනැගුණු අටවැනි කඩුල්ලේ සම්බන්ධතාවයයි.

කඩුලු 7ක් ලකුණු 143කට බිඳ වැටී අසීරු තත්ත්වයක සිටි ඉන්දියානු ඉනිම ගොඩනැගූ ෂෙඩ්ගේ පන්දු 66කින් ලකුණු 72ක් රැස් කළ අතර විප්රාජ් නිගම් පන්දු 49කින් ලකුණු 51ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 90කදී ලකුණු 104ක වටිනා සම්බන්ධතාවයක් ගොඩනැගූහ. මීට අමතරව රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 37ක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 26කට කඩුලු 3ක් සහ මොහොමඩ් ශිරාස් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුණි.

ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා A පිලට නිරෝෂන් දික්වැල්ල සහ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ආරම්භයක් ලබා දුන්හ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 30කදී ලකුණු 56ක් එක් කළ මෙම යුගලය ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් පදනමක් සකස් කළේය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 22කටත්, විශේන් හැළඹගේ ලකුණු 17කටත් දැවී යෑමෙන් පසු නිරෝෂන් දික්වැල්ල ලකුණු 37ක් ලබා ගත්තද, මැදපෙළ කඩුලු වේගයෙන් බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය. සහන් ආරච්චිගේ සහ අහන් වික්‍රමසිංහ ද අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී යෑමෙන් ශ්‍රී ලංකාව පීඩනයට ලක් විය.

එවැනි අවස්ථාවක ඉනිම භාරගත් සදීර සමරවික්‍රම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම නැවතත් තරගයට ගෙන ආවේය. වනුජ සහන් සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 51ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සදීර පසුව විජයකාන්ත් වියස්කාන්ත් සහ චාමික ගුණසේකර සමඟ ද වැදගත් සම්බන්ධතා ගොඩනැගීය.

සදීර සමරවික්‍රම පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 93ක් රැස් කරමින් ජයග්‍රහණයේ මූලික පදනම දැමීය. කෙසේ වෙතත් ඔහු දැවී යන විට ශ්‍රී ලංකාවට තවමත් ජයග්‍රහණය සඳහා ලකුණු 6ක් අවශ්‍යව තිබුණි.

අවසන් පන්දුවේදී චාමික ගුණසේකර තරගයේ ලකුණු සම කරමින් දුවද්දී දැවී ගිය අතර, ඒ අනුව දෙපිලම ලකුණු 265 බැගින් ලබා ගනිමින් තරගය සුපිරි පන්දුවාරයකට පිවිසියේය.

සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 16ක් රැස් කළේය. ඉන් අනතුරුව ලකුණු 17ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියා A කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 9ක් පමණක් වූ අතර, කූගදාස් මාතුලන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවට අමතක නොවන ජයක් හිමි විය.

මෙම ජයග්‍රහණයත් සමඟ තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ විශ්වාසය තවදුරටත් ඉහළ ගොස් ඇතිවා සේම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සදහාද වැඩි ඉඩකඩක් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගනිමින් එම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමෙුණේ පසුවද්දී ඉන්දියාව දෙවැනි ස්ථානයේතී ඇෆ්ගනිස්තානය තෙවැනි ස්ථානයෙත් රැදී සිටිති.

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම–පන්දුවාර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 265 යි – (විභව් සූරියවංශී 21, රුටුරාජ් ගයික්වාඩ් 37, තිලක් වර්මා 23, සූර්යාෂ් සෙඩී 72, විප්රාජ් නිගම් 51, මොහොමඩ් ශිරාස් 33/3, විජයකාන්ත් වියස්කාන්ත් 26/3)

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 9ක් දැවී ලකුණු 265 යි – (නිරෝෂන් දික්වැල්ල 37, අවිශ්ක ප්‍රනාන්දු 22, සදීර සමරවික්‍රම 93, වනුජ සහන් 25, ආයුෂ් බදෝනි 45/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee