slc
logo
Home   |    News
ජූලි 8, 2026
අවුරුදු 23 න් පහළ 6 වැනි සතියේදී පළමු ඉනිමේ ජයග්‍රහණ රැසක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ තරග පසුගියදා දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වුණු තරග අතරින් නිගම්බු, බී.ආර්.සී., ටැමිල් යුනියන්, මොරටුව, යුද හමුදාව, කුරුණෑගල යූත්, මුවර්ස් සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් පළමු ඉනිම් ජයග්‍රහණ වාර්තා කළහ.

බදුරලිය සහ යුනයිටඩ් සදර්න් අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර එහිදී බදුරලිය කණ්ඩායම ලකුණු 400 ඉක්මවා රැස් කිරීම කැපී පෙනුණි.

සතියේ කැපී පෙනුණු පිතිහරඹ අතර කුරුණෑගල යූත් කණ්ඩායමේ අභිෂේක් ලියනාරච්චිගේ ලකුණු 133 සහ මොරටුව කණ්ඩායමේ දිනෙත් සිතුමිණගේ නොදැවී ලකුණු 100 ප්‍රධාන විය. එමෙන්ම ඉරුත් ගිම්ශාන් (94), ප්‍රමේෂ් මදුභාෂණ (83), ෂෙවෝන් ඩැනියල් (81), ටෙහාන් බිතාර් (76), විශාල් රුක්ෂාන් (73) සහ රන්මිත් සෙනරත්න (70) ද අර්ධ ශතක ඉක්මවූ ඉනිම් ක්‍රීඩා කළහ.

පන්දු යැවීමේදී යුද හමුදාවේ පැතුම් විහඟ සහ මුවර්ස් කණ්ඩායමේ ඉඳුවර උදේන කඩුලු 6 බැගින් දවා ගනිමින් සතියේ කැපී පෙනුණු දස්කම් දැක්වූහ. මීට අමතරව මුවර්ස් කණ්ඩායමේ සඳරු මල්ෂාන් කඩුලු 5ක් දවා ගත් අතර, නිගම්බු කණ්ඩායමේ අමිත පෙරේරා සහ මොරටුව කණ්ඩායමේ මනුජ චනතුක කඩුලු 4 බැගින් දවා ගනිමින් සිය කණ්ඩායම්වල පළමු ඉනිම් ජයග්‍රහණ සඳහා වැදගත් දායකත්වයක් ලබා දුන්හ.

නිගම්බු කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

නිගම්බු පළමු ඉනිම පන්දුවාර 95.3 කදී සියලු දෙනා දැවී ලකුණු 316 යි – (විශාල් රුක්ෂාන් 73, තත්සර ඒෂාන් 40, මොහොමඩ් මුර්ෂාඩ් 31, අමිත පෙරේරා 32, ශෆ්නි ඩීන් 66, කවීන් දෙනෙත් 12, සෙශාන් ප්‍ර මෝද් 40, දිනුර කලුපහන 54/2, කනිෂ්ක රංගන 41/2, දුනිත් වෙල්ලාලගේ 98/2, මල්ෂ ප්‍රනාන්දු 81/2) 

එස්.එස්.සී. පළමු ඉනිම පන්දුවාර 70.1 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (රිවිත් ජයසූරිය 35, ෂෙවෝන් ඩැනියල් 81, රනුද සෝමරත්න 13, දුනිත් වෙල්ලාලගේ 58, කෙනුල ද සොයිසා 23, අමිත පෙරේරා 110/4, ෂෙහාන් ප්‍ර මෝද් 67/3, හංසජ හිරුන 36/2)

බී.ආර්.සී. පිල පළමු ඉනිමේ ජයක්

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 48.2 කදී සියලු දෙනා දැවී ලකුණු 126 යි – (හිරාන් ජයසුන්දර 18, ආරොන් කොඩිතුවක්කු 20, රුසඳ ගමගේ 15, කලන සුභාෂණ 40*, ඔහස් සදෙව් 10, තරුක්ෂ අෂේල් 28/5, සිතුක ගුණවර්ධන 59/4)

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 70.3 කදී සියලු දෙනා දැවී ලකුණු 244 යි – (යසිරු රුද්‍රිගෝ 35, පවන් සංදේශ් 19, විශ්ව සුපුන් 25, රන්මිත් සෙනරත්න 70, දුමිඳු සෙව්මිණ 51*, සිතුක ගුණවර්ධන 16, ඔහස් සදෙව් 91/4, තරණ විමලධර්ම 83/3)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 177 යි – (හිරාන් ජයසුන්දර 69, ආරොන් කොඩිතුවක්කු 10, රුසඳ ගමගේ 52*, රනුද ගංගනාත් 22, සිතුක ගුණවර්ධන 88/4, තරුක්ෂ අෂේල් 59/2)

ටැමිල් යුනියන්ට පළමු ඉනිමේ ජය

එන්.සී.සී. පළමු ඉනිම පන්දුවාර 73.5 කදී ලකුණු 229 යි – (චන්දූප සේනාරත්න 27, ෂෙවීන් පෙරේරා 53, ජීවක සශීන් 15, යෙනුල දෙව්තුස 37, දිනෙත් ගුණවර්ධන 45, ප්‍රවීන් මනීෂ 16, ශක්ති උදාර 19*, හිමරු දේශාන් 73/5, විහස් තෙව්මික 85/3)

ටැමිල් යුනියන් පන්දුවාර 63.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 231 යි – (ටෙහාන් බිතාර් 76, සිනෙත් ජයවර්ධන 35, සචිර හංසල 39, නෙමිඳු අක්මීමන 48, සචිර වෙලිවත්ත 17*, ශක්ති උදාර 64/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 38 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 177 යි – (ජීවක ශෂීන් 31, යෙනුල දෙව්තුස 56*, දිනෙත් ගුණවර්ධන 65*, හිමරු දේශාන් 50/2)

මොරටුවට පළමු ඉනිමේ ජයක්

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 61.4 කදී සියලු දෙනා දැවී ලකුණු 240 යි – (යුතික ද සිල්වා 24, තෙවිදු රශ්මික 15, දුල්සිත් දර්ශන 15, යූරි කොත්තිගොඩ 19, චමත්ක කවිෂාන් 11, හසි සුරංග 95, මනිත රාජපක්ෂ 21, බෙවින් ජයවර්ධන 13, කවීන් රුක්ෂාන් 10*, ප්‍රභාෂ් වටවල 52/5, මයුර මල්ෂාන් 22/2)

මොරටුව පළමු ඉනිම පන්දුවාර 80.4 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 322 යි – (ලෙස්ටර් ජයවීර 46, අදේෂ් අල්මේදා 20, ප්‍ර මේෂ් මදුභාෂණ 83, වගීෂ පෙරේරා 26, දිනෙත් සිතුමිණ 100*, තුමුදිත ඕපනායක 12, මයුර මල්ෂාන් 16, තරුන් දම්සිත් 24/2 චතුම් ලක්ප්‍රිය 106/2, යුතික ද සිල්වා 61/2)

ගාල්ල දෙවැනි ඉනිම පන්දුවාර 34.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 127 යි – (යුතික ද සිල්වා 44, බෙවින් ජයවර්ධන 26, මනිත රාජපක්ෂ 42, මනුජ චනතුක 37/4, ප්‍රභාෂ් වටවල 19/2)

යුද හමුදාවට පළමු ඉනිමේ ජයක්

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 76.5 කදී ලකුණු 263 යි – (අශාන් සුදර්ශන 56, නෙත්මාල් ද සොයිසා 20, සුකිත දෙව්තිළින 36, ක්‍රිෙෂ්න් බණ්ඩාර 30, දිමන්ත අරූෂ 69, මලීෂ තිලකරත්න 22, තවීෂ බාලසූරිය 98/3, පසිඳු තෙන්නකෝන් 52/2)

කුරුණෑගල පළමු ඉනිම පන්දුවාර 38.5 කදී ලකුණු 150 යි – (ජයමින් මුතුකුමාරණ 30, රිෂි අදිෂ්ඨාන් 26, දිනුග අබෛ්සේකර 19, සෙනුජ නිඳුවර 12, සොනාල් අශ්වින් 18, තවීෂ බාලසූරිය 12 පසිඳු තෙන්නකෝන් 12, ඉනුක ද සිල්වා 37/3, පැතුම් විහඟ 78/6) සහ දෙවැනි ඉනිම පන්දුවාර 62.3 කදී ලකුණු 199 යි – (අශාන් ශානිල්ක 58, දිනුග අබේසේකර 24, රිෂී අදිෂ්ඨාන් 17, විනුජ රන්පුල් 19, ජනිත් රවිශ්ක 29, සොනාල් අශ්වින් 16, ඉනුක ද සිල්වා 44/4, උමේෂ ද සිල්වා 39/2, පැතුම් විහඟ 82/2)

කුරුණෑගල යූත් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්

නාවික හමුදාව පළමු ඉනිම පන්දුවාර 88.4 කදී ලකුණු 249 යි – (උවිඳු පෙරේරා 50, සුමල්ක ප්‍රනාන්දු 83, යුනෙත් සෙනෙවිරත්න 67, චාමික රණසිංහ 12, ිනෙත් සාලිංග 12, සත්සර නිලන්ජිත් 29/3, ෂෙශාන් මාරසිංහ 56/2, දිනුක තෙන්නකෝන් 65/4)

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 58 කදී ලකුණු 309 යි – (අභිෂේක් ලියනාරච්චි 133, ගයන වීරසිංහ 23, විතිල උදාර 39, රජිත් නවෝද්‍ය 13, සත්සර නිලන්ජිත් 17, අනනතන් කාජන් 38, දිනූක තෙන්නකෝන් 20, සහාෂ් ගොඩගේ 58/3, ජනිත් ප්‍රනාන්දු 65/2, තිනෙත් සාලිංග 105/3, රුවින් සංකල්ප 74/2)

නාවික හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 33 කදී කඩුලු 4 ට ලකුණු 178 යි – (උවිඳු පෙරේරා 66, සුමල්ක ප්‍රනාන්දු 59*, යුනෙත් සෙනෙවිරත්න 20*, වතිල උදාර 53/3)

මුවර්ස්ට පළමු ඉනිමේ ජයක්

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම පන්දුවාර 60.2 කදී ලකුණු 209 යි – (හසිත අමරසිංහ 28, මිනෙත් ප්‍රේමරත්න 46, පැතුම් රත්නායක 27, ශානික්‍ය දේශප්‍රිය 23, තරින්ද නිර්මාල් 20, හංසමාන ද සිල්වා 19, කවීෂ පියුමාල් 10, නිසල අබේරත්න 16*, සඳරු මල්ෂාන් 59/5, ඉඳුවර උදේන 49/2)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 61 කදී ලකුණු 225 යි – (විශාර ප්‍රනාන්දු 19, ඔමේෂ් මෙන්ඩිස් 229, රවීෂාන් ද සිල්වා 21, හරිඳු ජයසේකර 35, රුවීන් ෆොන්සේකා 47, මල්ෂ තරුපති 27, සිතුම් විහඟ 29, සඳරු මල්ෂාන් 16, කවීෂ පියුමාල් 62/4, දුලාජ් සමුදිත 65/2, තරින්ද නිර්මාල් 59/2, අසිත වන්නිනායක 11/1)

බ්ලූම්ෆිල්ඩ් දෙවැනි ඉනිම පන්දුවාර 58 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 239 යි – (මිනෙත් ප්‍රේමරත්න 24, අසිත වන්නිනායක 17, දිනෙත් පැහැසිර 29, ශානික්‍ය දේශප්‍රිය 32, හංසමාන ද සිල්වා 44, කවීෂ පියුමාල් 18* නිසල අබේරත්න 47*, ඉඳුවර උදේන 79/6, සඳරු මල්ෂාන් 45/2)

කැන්ඩි කස්ටම්ස්ට පළමු ඉනිිමේ ජයක්

පොලිස් පළමු ඉනිම පන්දුවාර 44.2 කදී ලකුණු 140 යි – (ධනුජ ඉඳුවර 14, ගගන් පෙරේරා 37, සෙනේෂ් හෙට්ටිඅරච්චි 21, දුලන් ප්‍රසාත් 22, සුපුන් ප්‍රනාන්දු 18, චතුම් කුලසේකර 12, හසිඳු වික්‍රමාරච්චි 24/3, වෙන්කට් රාජේන්ද්‍රන් 46/2, ටෙනුෂ නිම්සර 19/4)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම පන්දුවාර 74.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 291 යි – (හෙලිත් එදිරිසිංහ 51, අර්ෂාන් ජෝසප් 37, පුල්ජිත් වත්සුක 27, දිදුල එදිරිසූරිය 20, ඉරුත් ගිම්ශාන් 94, ටෙනූෂ නිම්සර 22*, චතුම් කුලසේකර 69/5, මලිත හපුආරච්චි 73/3)

පොලිස් පළමු ඉනිම පන්දුවාර 43 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 190 යි – (ධනුජ ඉඳුවර 58, මලීෂ සඳරුවන් 82*, සෙනේෂ් හෙට්ටිආරච්චි 22, විහඟ මලිත් 24*, ටෙනූෂ නිම්සර 46/2)

බදුරලිය – යුනයිටඩ් සදර්න් තරගය විසඳුමකින් තොරයි

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 120 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 409 යි – (අවීෂ සමාෂ් 73, කූජන පෙරේරා 45, හිරුන ගාල්ලගේ 66, ඉනෝෂ් පීටර්සන් 83, මානස මදුභාෂණ 52, රුසඳ සිල්වා 55, සෙනුක නෙගමුව 162/6, 

යුනයිටඩ් සදර්න් පන්දුවාර 60 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 229 යි – (සෙහාස් ආශිංස 53, කවීෂ කල්පන 23, තමිඳු ප්‍රදීප්ත 29, පෙසඳු සංජන 53, කවීෂ ගීත්මාල් 25*, ලිදුල නුවංග 14, සෙනුක දනගමුව 12*, රුසඳ සිල්වා 83/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee