slc
logo
Home   |    News
ජූලි 21, 2026
ඉසුරුගෙන් ද්විත්ව ශතකයක් – මල්ශගෙන් කඩුලු 7ක් – පළමු කඩුලු ත්‍රිත්වය මෙලන්ගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වූ තරගවලදී තවත් ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට බී.ආර්.සී කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු සමත් විය.

ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව පන්දු 251කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 201ක් රැස් කළ ඉසුරු, ලිත්ම පෙරේරා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 251කදී ලකුණු 217ක සබඳතාවක්ද ගොඩනැංවීය. ලිත්ම පළමු දිනය නිමාවන විට පන්දු 128කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 109ක් රැස් කර තිබුණි.

මේ අතර නුගේගොඩ කණ්ඩායමේ ලහිරු දවටගේ, නාවික හමුදා කණ්ඩායමට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 229කදී හතරේ පහර 23ක් සමඟ නොදැවී ලකුණු 191ක් ලබා ගත්තේ ද්විත්ව ශතකයකට ආසන්න වෙමිනි.

සී.සී.සී. කණ්ඩායමේ අංජල බණ්ඩාර ලියෝ කණ්ඩායමට එරෙහිව පන්දු 220කින් හතරේ පහර 19ක් සමඟ ලකුණු 157ක් රැස් කළ අතර, කුරුණෑගල කණ්ඩායමේ ජනිත් රවිශ්ක පන්දු 194කින් ලකුණු 128ක්ද, තිලව් මේරියන්ස් කණ්ඩායමේ දර්ශක සංදීප් ගාල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 136කින් ලකුණු 101ක්ද වාර්තා කළේය.

පන්දු යැවීමේදී SSC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන මල්ශ ප්‍රනාන්දු, පානදුර කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුලු 7ක් දවා ගනිමින් කැපී පෙනුණි. එමෙන්ම ගෝල් කණ්ඩායමේ මානිත රාජපක්ෂ (44/5), නිගම්බු කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද් (64/5) සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ තරිඳු ගුරුගේ (38/5) ද ඉනිමක කඩුලු පහ බැගින් දවා ගැනීමට සමත් වූහ.

අද අවසන් වූ ගාලු කණ්ඩායමට එරෙහි තරගයේදී චිලව් මේරියන්ස්  කණ්ඩායමේ මෙලන් හංසක තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය (හැට්ට්‍රික්) වාර්තා කිරීමද විශේෂත්වයක් විය. එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය චිලව් මේරියන්ස් කණ්ඩායමට හිමි විය.

සෙසු පිතිකරුවන් අතර පොලිස් කණ්ඩායමේ ධනුජ ඉඳුවර (97), එන්.සී.සී. කණ්ඩායමේ ශවීන් පෙරේරා (53), පානදුර කණ්ඩායමේ අසදිස ද සිල්වා (50), එස්.එස්.සී. කණ්ඩායමේ රිවිත් ජයසූරිය (56) සහ ශෙවෝන් ඩැනියෙල් (නොදැවී 61), කුරුණෑගල කණ්ඩායමේ යශ්මිත් ජයසුන්දර (67), නුගේගොඩ කණ්ඩායමේ දසිස් මංචනායක (81), සී.සී.සී. කණ්ඩායමේ සනුල් වීරරත්න (70) සහ චිලව් මේරියන්ස් කණ්ඩායමේ යසිරු ලක්ෂාන් (65) අර්ධ ශතක රැස් කළහ.

  • බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තවත් ලකුණු 71ක් පිටුපසින්.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 152 (ඕවර 62.1)
    සචිර වැලිවත්ත 43, සචිරු හංසල 25; තරිඳු ගුරුගේ 38/5, කවීෂ පියුමාල් 39/2, අසිත වන්නිනායක 18/2
  • බ්ලූම්ෆීල්ඩ් C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 81 (ඕවර 25)
    මිනෙත් ප්‍රේමරත්න 39, හසිත අමරසිංහ 36; විහස් තෙව්මික 24/2

එන්.සී.සී. කණ්ඩායම ලකුණු 16ක් ඉදිරියෙන්

  • එන්.සී.සී. පළමු ඉනිම සියලු දෙනා දැවී 131 (ඕවර 27.4)
    ශවීන් පෙරේරා 53, ගවිරු සෙන්හස් 30; සුමේධ සම්පත් 29/4, දමේස් මතිසාන් 18/3
  • යුනයිටඩ් සදර්න්– පළමු ඉනිම සියලු දෙනා දැවී 153 (ඕවර 47.3)
    රනුදුල් මාබරණ නොදැවී 40, සෙහස් ආශිංස 29, කවීෂ කල්පන 25; සන්තුල් විජේරත්න 22/3, ශක්ති උදාර 55/2, නදිෂ් යසිරු 08/2
  • එන්.සී.සී.  – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 38 (ඕවර 8.3)
    දමේස් මතිසාන් 11/2

සී.සී.සී. පිල කඩුලු 8 ට ලකුණු 328 යි

  • සී.සී.සී. – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 328 (ඕවර 89.3)
    අංජල බණ්ඩාර 157, සනුල් වීරරත්න 70, අගිත කුඩලිගම 29; නෙත්ම කරුණාරත්න 65/4, ඔෂද ගිම්හාන් 79/2, විශ්ව රාජපක්ෂ 54/2

බී.ආර්.සී. – ඒස් කැපිටල්

  • බී.ආර්.සී. – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 387 (ඕවර 86)
    ඉසුරු ප්‍රනාන්දු 201, ලිත්ම පෙරේරා නොදැවී 109, ලිනාල් සුබසිංහ 23; කෞෂික කුමාරසිංහ 75/4

නුගේගොඩ – නාවික හමුදාව

  • නුගේගොඩ– පළමු ඉනිම කඩුලු 5ක් දැවී 410 (ඕවර 90)
    ලහිරු දවටගේ නොදැවී 191, දසිස් මංචනායක 81, අකේන් පෙරේරා 37, ජනෙත් කෞශාල් 36, සඳුන් මෙන්ඩිස් නොදැවී 21; රුවින් සංකල්ප 88/2

නෙගොම්බෝ CC කණ්ඩායම තවත් ලකුණු 90ක් පිටුපසින්.

  • පොලිස්– පළමු ඉනිම සියලු දෙනා දැවී 207 (ඕවර 50.1)
    ධනුජ ඉඳුවර 97, තරුන් පෙරේරා 39; ශෙහාන් ප්‍රමෝද් 64/5, අමිත පෙරේරා 66/4
  • නිගම්බු– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 117 (ඕවර 37.5)
    තත්සර ඒශාන් නොදැවී 29, මොහොමඩ් මුර්ශාඩ් නොදැවී 29, විශාල් රුක්ෂාන් 27; දමිත් කප්පාගොඩ 39/3

කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම තවත් ලකුණු 299ක් පිටුපසින්.

  • කුරුණෑගල – පළමු ඉනිම සියලු දෙනා දැවී 314 (ඕවර 83.1)
    ජනිත් රවිශ්ක 128, යශ්මිත් ජයසුන්දර 67, ජයමින් මුතුකුමාරණ 31, දිනුග අබේසේකර 21; අදීශ පබසර 100/5, නඳුන් සිල්වා 54/3
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුල්ලක් දැවී 15 (ඕවර 4)

එස්.එස්.සී. කණ්ඩායම තවත් ලකුණක් පිටුපසින්.

  • පානදුර– පළමු ඉනිම සියලු දෙනා දැවී 177 (ඕවර 51.5)
    අසදිස ද සිල්වා 50, චාර්ය පරණවිතාන 43, නේක්ෂ ඉද්දමල්ගොඩ 27; මල්ශ ප්‍රනාන්දු 39/7, යොහාන් දේවප්‍රිය 27/2
  • එස්.එස්.සී. – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 176 (ඕවර 38)
    ශෙවෝන් ඩැනියෙල් නොදැවී 61, රිවිත් ජයසූරිය 56, කවීන් ප්‍රනාන්දු 33, රනුද සෝමරත්න නොදැවී 22; මලින්ත සිල්වා 38/2
  • මුවර්ස් කණ්ඩායම තවත් ලකුණු 73ක් පිටුපසින්.
  • රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 183 (ඕවර 55.3)
    දසිත් ගුණතිලක 53, ලහිරු අබේසිංහ 50, සසිඳු බැට්ටගේ 30; දිනිත් කුමාරසිංහ 32/4, ඉඳුවර උදාන 53/3, සඳරු මල්ශාන් 44/3
  • මුවර්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 110 (ඕවර 23)
    සඳරු මල්ශාන් නොදැවී 37; මලීෂ සිල්වා 18/4, කවීෂ ලියනාරච්චි 24/3

පළමු ඉනිමේ ජය චිලව් මේරියන්ස්ට

  • චිලව් මේරියන්ස්– පළමු ඉනිම සියලු දෙනා දැවී 142 (ඕවර 44.2)
    දර්ශක සංදීප් 54, ගිම්හාන් රසාංජන 35; මානිත රාජපක්ෂ 44/5, විසල් බාරත 21/3
  • ගාල්ල – පළමු ඉනිම සියලු දෙනා දැවී 80 (ඕවර 28.2)
    බෙවින් ජයවර්ධන 31, තෙවිඳු රශ්මික 28; මෙලන් හංසක 36/6, තිමිර ඉරුශික 19/4
  • චිලව් මේරියන්ස්– දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 314 (ඕවර 72.1)
    දර්ශක සංදීප් 101, යසිරු ලක්ෂාන් 65, ගිම්හාන් රසාංජන 34, මහීෂ තරිඳු 27, කලන ලියනගේ නොදැවී 24; මානිත රාජපක්ෂ 95/4, චතුම් ලක්ප්‍රිය 92/3
  • ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 124 (ඕවර 23)
    බෙවින් ජයවර්ධන 27, තෙවිඳු රශ්මික නොදැවී 24; මෙලන් හංසක 52/3

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee