slc
logo
Home   |    News
ජූලි 23, 2026
ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට පවත්වාගෙන ආ අපරාජිත වාර්තාව බිඳ දැමීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් කැලන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 178ක් රැස් කළේ සෑම් හාපර්ගේ ලකුණු 40, චාමික කරුණාරත්නගේ ලකුණු 45, චරිත් අසලංකගේ ලකුණු 25 සහ දසුන් ශානකගේ ලකුණු 20 මතයි.

ලකුණු 179ක ඉලක්කය හඹා ගිය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 16.1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 180ක් ලබා ඉලක්කය සාර්ථකව පසු කළේය.

ජයග්‍රාහී ඉනිමේ නියමුවා වූ රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 37කින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිම දඹුල්ල ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය විය.

තරගයේ හැරවුම් ලක්ෂය බවට පත් වූයේ පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනිමයි. ඔහු පන්දු 11කින් ලකුණු 29ක් රැස් කළ අතර, ඒශාන් මාලිංගගේ එක් පන්දුවාරයකට හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 22ක් ලබා ගනිමින් තරගයේ වේගය සම්පූර්ණයෙන්ම දඹුල්ල දෙසට හරවා ගත්තේය.

පසුව හෙන්ඩ්‍රික්ස් සහ මාකස් ඇකර්මන් සිව්වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ඇකර්මන් පන්දු 25කින් ලකුණු 35ක් රැස් කළේය. අවසන් අදියරේදී ගුලාබ්දින් නයිබ් පන්දු 6කින් හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 20ක් රැස් කරමින් හෙන්ඩ්‍රික්ස් සමඟ නොදැවුණු ලකුණු 41ක සබඳතාවක් ගොඩනඟා දඹුල්ල ජය තහවුරු කළේය.

මෙම ජයත් සමඟ දඹුල්ල සික්සර්ස් තරගාවලියේ දෙවැනි ජය වාර්තා කළ අතර, මෙතෙක් අපරාජිතව සිටි ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු පරාජය අත්විය.

ගෝල් ගැලන්ට්ස් – පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 178
සෑම් හාපර් 40, චරිත් අසලංක 25, චාමික කරුණාරත්න 45, දසුන් ශානක 20
කඩුලු දවා ගැනීම: ෆසල්හක් ෆාරුකි 3/39, මාර්කස් ඇකර්මන් 2/27

දඹුල්ල සික්සර්ස් – පන්දුවාර 16.1දී කඩුලු 4ක් දැවී ලකුණු 180
රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී 64, පවන් රත්නායක 29, මාර්කස් ඇකර්මන් 35, ගුල්බදීන් නයිබ් නොදැවී 20

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee