slc
logo
Home   |    News
ජූලි 3, 2026
මෙත්සරාගේ උත්සාහය අපතේ යයි

sinhala editor

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අතර පුදුචෙරිහිදී සිකුරාදා (03) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම ජයත් සමගම තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ලකුණු 210ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 41.2කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 160ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ එකම කැපී පෙනෙන පිතිහරඹය වාර්තා කළේ ප්‍රමුදි මෙත්සරා වන අතර ඇය පන්දු 27කින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 42ක් රැස් කළාය. සෙසු පිතිකාරිනියන්ට එම ආරම්භය ඉදිරියට ගෙන යාමට නොහැකි විය.

ලිමන්සා තිලකරත්න ලකුණු 21ක් රැස් කළ අතර චමුදි ප්‍රබෝධා 15ක්, විමෝක්ෂා බාලසූරිය 14ක් සහ නෙතාගි ඉසුරංජලී 12ක් ලබාගත්හ. කෙසේ වෙතත් මැද පෙළ සහ පහළ පෙළ පිතිකාරිනියන් ඉන්දීය පන්දු යවන්නියන්ගේ නිවැරදි පන්දු යැවීම හමුවේ දිගු ඉනිම් ගොඩනැගීමට අපොහොසත් වූහ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විධි පර්මාර් සහ මහක් නර්වාසේ කඩුලු 3 බැගින් දවා ගත් අතර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් වූ කුමාරි පලක් කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට දැඩි පීඩනයක් එල්ල කළාය.

ඊට පෙර කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 209ක් රැස් කළේය.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ කුමාරි පලක් නොදැවී ලකුණු 47ක් රැස් කළ අතර, ඉෂ්වරි අවසාරේ ලකුණු 39ක් සහ දීයා යාදව් 26ක් ලබා දුන් දායකත්වය හේතුවෙන් සත්කාරකයන්ට තරගකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා වීමට හැකි විය. අවසන් පන්දුවාර කිහිපයේදී විධි පර්මාර්ගේ ලකුණු 24 සහ මහක් නර්වාසේගේ ලකුණු 20ද ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර ඵලදායීම ක්‍රීඩිකාවන් වූයේ දනෝද්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි හේරත්ය. ඔවුන් තිදෙනාම කඩුලු 2 බැගින් දවා ගත් අතර චමුදි ප්‍රබෝධා එක් කඩුල්ලක් දවා ගත්තාය. විශේෂයෙන් චමුදි ප්‍රබෝධා සිය පන්දුවාර 10 තුළ ලකුණු 26ක් පමණක් ලබාදී ඉන්දීය පිතිකාරිනියන් සීමා කිරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළාය.

ඉන්දියාව අවුරුදු 19න් පහළ බාලිකා  කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 209 යි – (කුමාරි පලක් 47*, ඉෂ්වරි අවසාරේ 39, දීයා යාදව් 26, විධි පර්මාර් 24, මහක් නර්වාසේ 20, දනෝද්‍යා සෙව්මිණි 38/2, ප්‍රමුදි මෙත්සරා 27/2, චමෝදි හේරත් 43/2)

ශ්‍රී ලංකාව අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම පන්දුවාර 41.2 කදී ලකුණු 160 යි – (ප්‍රමුදි මෙත්සරා 42, ලිමන්සා තිලකරත්න 21, චමුදි ප්‍රබෝධා 15, විධි පර්මාර් 20/3, මහක් නර්වාසේ 41/3, කුමාරි පලක් 24/2)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee