slc
logo
Home   |    News
ජූලි 15, 2026
රයිචන්දානී – විර්ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසවති

sinhala editor

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (15 දා) පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළ ඉන්දීය ආරම්භක පිතිකරුවන් වන ලක්ෂ්‍ය රයිචන්දානී සහ සාගර් විර්ක්, පළමු කඩුල්ල සඳහා ලකුණු 295ක දැවැන්ත සබඳතාවක් ගොඩනඟමින් සංචාරක කණ්ඩායම තරගයට ශක්තිමත්ව රැගෙන ආහ. රයිචන්දානී නොදැවී ලකුණු 196ක් රැස්කරමින් ද්විත්ව ශතකයකට ආසන්නව දිනය නිමා කළ අතර, විර්ක් ලකුණු 134ක් ලබා දැවී ගියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ රැස් කළ ලකුණු 424ට පිළිතුරු ලෙස ඉනිම ඇරඹූ ඉන්දීය යොවුන් පිල තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 378ක් රැස්කරගෙන සිටි අතර, පළමු ඉනිමේදී තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 46ක් පසුපසින් පසුවෙයි.

පැය පහකට අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි රයිචන්දානී පන්දු 306කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 196ක් රැස් කළේය. විර්ක් ද පන්දු 312කින් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 134ක් රැස්කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන්නේය.

රයිචන්දානී සහ විර්ක්ගේ දැවැන්ත ආරම්භක සබඳතාව හේතුවෙන් දිනයේ වැඩි වාසිය ඉන්දීය කණ්ඩායම සතු වූවත්, අවසන් සැසියේදී කඩුලු කිහිපයක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම තරගය තවදුරටත් දෙපිලටම විවෘතව තබා ගැනීමට හේතු විය. ලතේන්ද්‍ර ආකාශ් විර්ක්ගේ කඩුල්ල බිඳ දැමීමෙන් අනතුරුව දුල්නිත් සිගේරා සහ දිමත් අබේසිංහ තවත් කඩුලු දෙකක් දවා ගැනීමත් සමඟ ඉන්දීය ඉනිමේ ගලායාම යම් තරමකට මන්දගාමී විය. එහි ප්‍රතිඵලයක් ලෙස දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව තවමත් ලකුණු 46ක පළමු ඉනිමේ වාසිය රඳවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් පළමු කඩුල්ල බිඳ වැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව යම් දුරකට තරගයට නැවත පිවිසීමට සමත් වූයේ කුෂාග්‍ර ඔජා (24) සහ නායක යශ්බර්ධන් චෞහාන් (6) දවා ගනිමිනි. දිනය අවසන් වන විට රයිචන්දානී සමඟ කුෂ් පටෙල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලතේන්ද්‍ර ආකාශ්, දුල්නිත් සිගේරා සහ දිමත් අබේසිංහ කඩුල්ල බැගින් දවා ගත්හ.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 424කට ඉනිම අත්හිටුවන ලද්දේ සෙනුජ වෙකුණගොඩගේ විශිෂ්ට ලකුණු 233ක ඉනිම මුල් කරගෙනය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු පන්දුවාර 1064 කදී ඉනිම කඩුලු 9ක් දැවී 424 – (සෙනුජ වැකුණගොඩ 233, විමත් දින්සර 52, කවිජ ගමගේ 49, චාමික හීනටිගල 45, ඔෂද මනහර 31*, කාව්‍යා පරේෂ් 67/2, ජෙගනාතන් හේමචුදේශන් 107/3, ප්‍රියන්ෂු සිං 66/3)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 117 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 378 යි – (ලක්ෂාය රායිචන්දනී 196*, සාගර් වර්ක් 134, කුශාග්‍රා ඕජා 24, යෂ්බධාන් චෞහාන් 06, කුෂ් පටෙල් 03*, දුල්නිත් සිගේරා 38/1, ලතේන්ද්‍ර ආකාෂ් 41/1, දිමත් අබේසිංහ 94/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar