slc
logo
Home   |    News
ජූලි 25, 2026
හර්ෂිතා – විශ්මි වාර්තාගත සබඳතාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්; තරගාවලිය 1-1ක් ලෙස සම වෙයි

sinhala editor

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයේදී හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න දෙදෙනාගේ වාර්තාගත දෙවැනි කඩුල්ලේ සබඳතාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කරගැනීමට හැකිවිය. එම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 273ක් රැස් කළේය. එහිදී ආරම්භක පිතිකාරි සිද්‍රා අමින් පන්දු 120කදී හතරේ පහර 13ක් සමඟ නොදැවී ලකුණු 100ක් රැස් කරමින් සිය කණ්ඩායමට සටන්කාමී මුළු ලකුණු සංඛ්‍යාවක් හිමිකර දුන්නාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 274ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ආරම්භයේදීම එක් කඩුල්ලක් අහිමි වුවද, ඉන් අනතුරුව පිටියේ එක්වූ හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්න පාකිස්තාන පන්දු යවන්නියන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට හරවා ගත්හ.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල සඳහා පන්දු 211කින් ලකුණු 203ක අතිවිශිෂ්ට සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව පිහිටුවූහ. එම වාර්තාගත සබඳතාව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය ප්‍රධානතම සාධකය බවට පත්විය.

විශ්මි ගුණරත්න පන්දු 123කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ අනර්ඝ ලකුණු 123ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම පන්දු 119කදී හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් සිය දෙවැනි එක්දින ශතකය වාර්තා කළාය. ශ්‍රී ලංකාව පන්දුවාර 46.5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

කෙටි ලකුණු සාරාංශය

පාකිස්තානය – කඩුලු 5ක් දැවී 273 (50)
සිද්‍රා අමින් නොදැවී 100, චමරි අතපත්තු 1, චේතනා විමුක්ති 1, ඉනෝකා රණවීර 1, කවීෂා දිල්හාරි 1.

ශ්‍රී ලංකාව – කඩුලු 2ක් දැවී 274 (46.5)
විශ්මි ගුණරත්න 123, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 100)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee