slc
logo
Home   |    News
ජූලි 4, 2026
අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ළහිරු උදාර…

sinhala editor

පැතුම් නිස්සංකගේ ආබාධය හේතුවෙන් කණ්ඩායමට කැඳවූ ළහිරු උදාරට ලැබුණේ අහම්බෙන් හිමි වූ අවස්ථාවකි.එහෙත් එම අවස්ථාව තම ක්‍රිකට් දිවියේ අමතක නොවන දිනයක් බවට පත් කරගැනීමට ඔහු සමත් වූයේ තුන්වැනි ටෙස්ට් තරගයේදීම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමිනි.

වයස අවුරුදු 32ක් වන උදාරට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුණේ බොහෝ ප්‍රමාද වී ය. පසුගිය වසරේ ටෙස්ට් වරම් දිනාගත් ඔහුට, ශ්‍රී ලංකාවේ සීමිත ටෙස්ට් වැඩසටහන හේතුවෙන් අවස්ථා ලැබුණේද අතළොස්සක් පමණි. එහෙත් කොදෙව් සංචාරයේදී පැතුම් නිස්සංකගේ ආබාධය ඔහුට තවත් දොරක් විවර කළ අතර ඒ දොරෙන් ඇතුළු වූ උදාර ආපසු හැරී බැලුවේ නැත.

දේශීය ක්‍රිකට් පිටියේ ලකුණු කඳු ගොඩනැගූ උදාරට ජාත්‍යන්තර පිටියේ එවැනි ආරම්භයක් හිමි වී නොතිබිණි. පළමු පෙළ තරග 122කදී ශතක 19ක් රැස් කර තිබුණද මෙම තරගයට පෙර ටෙස්ට් ඉනිම් තුනකදී ඔහු රැස් කර තිබුණේ ලකුණු 78ක් පමණක් වන අතර, වැඩිම ලකුණු සංඛ්‍යාව 40ක් පමණි. ඒ නිසාම මෙවර ලැබුණු අවස්ථාව ඔහුට තවත් එක් ඉනිමක් නොව, තම හැකියාව ඔප්පු කළ යුතු අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාව ලකුණු 25කට කඩුලු දෙකක් අහිමි කරගෙන පීඩනයට පත්ව සිටියදී පිටියට කොඳු නාරටියක් වූයේ උදාරය. මුලින්ම කමිඳු මෙන්ඩිස් සමඟ ලකුණු 215ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම යළි ගොඩනැංවූ ඔහු, පසුව නායක ධනංජය ද සිල්වා සමඟ තවත් ලකුණු 93ක සබඳතාවක් එක් කරමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තේය.

උදාරගේ පිතිකරණයේ කැපී පෙනුණු ලක්ෂණය වූයේ ඔහුගේ ඉවසීම සහ විනයයි. දෝලනය මුසුවූ නව පන්දුවට සාර්ථකව මුහුණ දුන් ඔහු, පන්දු යවන්නන්ගෙන් ලැබුණු වැරදි පන්දු කිසිවක් අපතේ නොයවා දඬුවම් කළේය. ඉනිම ඉදිරියට යද්දී ඔහුගේ විශ්වාසයද වර්ධනය වූ අතර, හතරේ පහරවලට අමතරව හයේ පහර හතරක්ද එල්ල කළේය.

ද්විත්ව ශතකයක් පෙනෙන මානයේ තිබියදී ලකුණු 188කට ඔහුගේ ඉනිම නිමාවට පත් වුවද, ඒ වන විට ශ්‍රී ලංකාව ප්‍රබල තත්ත්වයකට රැගෙන යාමේ වගකීම ඔහු ඉටු කර අවසන්ව තිබිණි.

සිය මංගල ටෙස්ට් ශතකයෙන් අනතුරුව උදාර පැවසුවේ, මේ වනතෙක් තම ක්‍රිකට් දිවියේ විශේෂම මොහොත මෙය බවයි. “මේක මට ලොකු හැඟීමක්. මේ මගේ පළමු ටෙස්ට් ශතකය. මේ මගේ තුන්වැනි ටෙස්ට් තරගය. ඒ නිසා මේ අවස්ථාව ලොකු ඉනිමක් බවට පත් කරන්න ඕන කියලා මම හිතාගෙන හිටියා. ඒක කරගන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි“ යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියේය.

තම සාර්ථකත්වයේ රහස පිළිබඳවද ඔහු ඉතා සරලව අදහස් දැක්වීය. “මගේ සැලැස්ම තිබුණේ කෙළින්ම පන්දුවට ක්‍රීඩා කරන එක. දුර්වල පන්දුවක් ලැබුණොත් ඒකෙන් ලකුණු ගන්නවා. මම හිතුවේ ඒ දේ විතරයි“ යැයි ළහිරු සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee