slc
logo
Home   |    News
ජූලි 12, 2026
ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ

sinhala editor

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම ජයග්‍රාහී මානසිකත්වය සිව්දින තරගාවලියටද රැගෙන ඒමට බලාපොරොත්තු වන අතර, දිගු ආකෘතියට ගැළපෙන නව සැලසුම් සහ කණ්ඩායම් සංයෝජනයක් සමඟ තරග වැදීමට සූදානමින් සිටී. ඉන්දීය කණ්ඩායමද සිව්දින ආකෘතියට ගැළපෙන වෙනස් සංචිතයක් සමඟ පිටියට පිවිසෙන බැවින් දෙපිල අතර දැඩි තරගයක් අපේක්ෂා කෙරේ.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක විමත් දින්සර පැවසුවේ එක්දින තරගාවලියේ ජයග්‍රහණය කණ්ඩායමට විශාල විශ්වාසයක් ලබාදී ඇති බවයි. එහෙත් සිව්දින ක්‍රිකට් යනු සම්පූර්ණයෙන්ම වෙනස් ආකෘතියක් බැවින් ඒ අනුව ක්‍රීඩා සැලසුම්ද වෙනස් කර ඇති බව ඔහු සඳහන් කළේය.

“එක්දින තරගාවලිය අපි ජයගත්තා. කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. දැන් අපි අවධානය යොමු කරන්නේ සිව්දින තරගාවලියටයි. කණ්ඩායම් දෙකේම සංචිතවල වෙනස්කම් තියෙනවා. අලුත් ක්‍රීඩකයන්ටත් අවස්ථාව ලැබෙනවා. මේ තරගාවලිය ලෝක කුසලානයට ක්‍රීඩකයන් සූදානම් වෙන්නත් හොඳ අවස්ථාවක්. ඉන්දියාව ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඒ නිසා ඉන්දියාවට එරෙහිව හොද තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා,” යැයි විමත් දින්සර පැවසීය.

ශ්‍රී ලංකා යොවුන් සිව්දින කණ්ඩායම – විමත් දින්සර (නායක),  දිමන්ත මහවිතාන, රෙහාන් පීරිස්, සෙනුජ වෙකුණගොඩ, කවීජ ගමගේ (උප නායක), චාමික හීනටිගල, ජේසන් ප්‍රනාන්දු, දුල්නිත් සිගේරා, එස්.ඒ. ඉඳුවර, විග්නේෂ්වරන් ආකාෂ්, ලතේන්ද්‍ර ආකාශ්, රමිරු පෙරේරා, ඕෂධ මනහර, දිමත් අබේසිංහ, චමරිඳු නෙත්සර, විරාන් චමුදිත.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ සිව්දින කණ්ඩායම – යෂ්බර්ධන් චෞහාන් (නායක), සාගර් විර්ක්, ලක්ෂ්‍ය රයිචන්දනි, කාව්‍ය පටෙල්, රෝහිත් යාදව්, කුෂාග්‍ර ඔජා, කුෂ් පටෙල්, මනල් චෞහාන්, මානව් ක්‍රිෂ්ණා, ආර්යන් සක්පාල්, ජේ. හේමචුදේසන්, බී. කේ. කිෂෝර්, ප්‍රියාන්ෂු සිං, ප්‍රණව් රඝවේන්ද්‍ර, චිගුරපාටි වෙන්කට්

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee