slc
logo
Home   |    News
ජූලි 18, 2026
දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (18) පැවැති මෙම තරගයේදී දඹුල්ල පිල තුන් ඉරියව්වේ දක්ෂතා දක්වමින් කැපී පෙනුණි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 205ක දැවැන්ත ඉලක්කයක් ගොඩනැගුවේ දකුණු අප්‍රිකානු පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස්ගේ විශිෂ්ට නොදැවී ඉනිම හේතුවෙනි.

පන්දු 50කින් නොදැවී ලකුණු 87ක් රැස් කළ හෙන්ඩ්‍රික්ස් සිය ඉනිමට හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් එක් කළ අතර, ඉනිමේ අවසන් භාගයේදී කණ්ඩායමට අවශ්‍ය වේගය ලබා දුන්නේ ඇෆ්ගනිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ්ය. ඔහු පන්දු 23කින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් එල්ල කළේය.

හෙන්ඩ්‍රික්ස් සහ නයිබ් එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43කදී නොබිඳුණු ලකුණු 94ක සබඳතාවක් ගොඩනඟමින් ඩම්බුල්ල ලකුණු 200 සීමාව ඉක්මවා රැගෙන ගියහ.

කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් දුෂාන් හේමන්ත සහ නුවන් තුෂාර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ඩේල් ෆිලිප්ස් ලකුණු 52ක්, ලහිරු උදාර ලකුණු 44ක් සහ විජේ ශංකර් නොදැවී ලකුණු 41ක් රැස් කළද, අවශ්‍ය ලකුණු වේගය පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 187ක් පමණි.

දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ජය තහවුරු කිරීම සඳහා තුන් ඉරියව් දස්කම් දැක්වූ ගුල්බඩින් නයිබ් පන්දු යැවීමේදී ද කඩුලු 2ක් දවා ගත් අතර, මොහොමඩ් වසීම් ද කඩුලු 2ක් දවා ගනිමින් කැපී පෙනුණි.

මෙම ජයග්‍රහණයත් සමඟ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම LPL 2026 තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර, පළමු තරගයෙන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජැෆ්නා කිංග්ස් පරාජය කිරීමෙන් අනතුරුව තරගාවලියේ දෙවැනි ජය දඹුල්ල සික්සර්ස් සතු විය.

  • දඹුල්ල සික්සර්ස් – 205/6 (පන්දුවාර 20)
    රීසා හෙන්ඩ්‍රික්ස 87*, ගුල්බඩින් නයිබ් 46*, දුෂාන් හේමන්ත 26/2, නුවන් තුෂාර 35/2)
  • කැන්ඩි රෝයල්ස් – 187/6 (පන්දුවාර 20)
    ඩේල් ෆිලිප්ස් 52, ලහිරු උදාර 44? විජේ ශංකර් 41*, ගුල්බඩින් නයිබ් 19/2, මොහොමඩ් වසීම් 39/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar