ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ජූලි 2 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට වෙනස්කම් තුනක් සිදු කර තිබේ.
පළමු සිව්දින තරගය පිතිකරුවන්ගේ ආධිපත්‍යය යටතේ ඉහළ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් ජය පැරදුමෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව තේරීම් කමිටුව මෙම සංශෝධන සිදු කර ඇත.
ඒ අනුව, කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල වෙනුවට සොහාන් ද ලිවේරා සංචිතයට කැඳවා තිබේ. එසේම රවිඳු ප්‍රනාන්දු සහ කවිඳු පතිරත්න වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක අසංක මනෝජ් සහ කේෂර නුවන්තත් දෙවැනි තරගය සඳහා වන අවසන් 11 දෙනා අතරට එක් කර ඇත.
සහන් ආරච්චිගේගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි තරගයේදී ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගාවලියේ වාසිය තමන් සතු කර ගැනීමේ අරමුණින් පිටියට පිවිසීමට නියමිතය.
දෙවැනි සිව්දින තරගය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – සොහාන් ද ලිවේරා, පවන්ත වීරසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, සහන් ආරච්චිගේ (නායක), අංජල බණ්ඩාර, චාමික ගුණසේකර, දිලුම් සුදීර, කේෂර නුවන්ත, දුලාජ් සමුදිත සහ අසංක මනෝජ්.





